Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 23:30 - Sinhala New Revised Version 2018

30 ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ‍ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ‍ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 ඔහුගේ සේවකයෝ මළාවූ ඔහු රථයකින් මෙගිද්දෝ සිට යෙරුසලමට ගෙනවුත් ඔහුගේම සොහොන්ගෙයි ඔහු තැන්පත්කෙළෝය. එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගන ආලේපකොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 23:30
11 හුවමාරු යොමු  

ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් ජෙරුසලමට ගෙන ගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන් ගෙයි තැන්පත් කළහ.


ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙ වන රථයට නංවාගෙන ජෙරුසලමට ආවෝ ය. ඔහු මියගිය පසු තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් කරන ලද්දේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද ජොෂියා ගැන වැළපුණාහ.


එහෙත්, දේශයේ සෙනඟ, ආමොන් රජුට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළහ.


එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් ව සිටි උශ්ශියා කැඳවාගෙන ඔහුගේ පියා වූ අමශියා වෙනුවට රජකමට පත් කළෝ ය.


එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි. මා විසින් මේ ස්ථානයට පමුණුවනු ලබන සියලු ම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය’යි කියා වදාරන සේකැ”යි කීවා ය. ඔව්හු හැරී අවුත් රජුට එය සැළ කළෝ ය.


ජොෂියා මේ සියල්ල කර මාලිගාව පිළියෙළ කළායින් පසු, මිසරයේ රජ වූ නෙකෝ, යුප්‍රටීස් ගඟ ළඟ තිබෙන කර්කෙමිෂ් නම් ස්ථානයට ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ආවේ ය. ජොෂියා ද ඔහුට විරුද්ධ ව පිටත් ව ගියේ ය.


ජොෂියා රජුගේ ඇවෑමෙන් ජුදාහි රජකමට පත් වූ එතැනින් පලා ගිය ඔහුගේ පුත් ජෝවාහාස් ගැන සමිඳාණන් වහන්සේ කතා කොට,


ඉශ්රායෙල් අධිපතීන් ගැන විලාපයක් පවත්වමින් මෙසේ කියන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක:


එම්බා ජුදා ජනයෙනි, මියගිය ජොෂියා රජු ගැන ශෝක නොවන්න; ඔහුගේ මරණය ගැන නොවැලපෙන්න. එහෙත්, ඔහුගේ පුත් ජෝවාහාස් ගැන කෑගසා අඬන්න. මන්ද, ඔවුන් ඔහු ගෙන යන බැවිනි. ඔහු හැරී එන්නේ නැත. තමන් උපන් දේශය ඔහු තවත් නොදකින්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්