එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි,
යොහන් 16:18 - Sinhala New Revised Version 2018 “උන් වහන්සේ ‘ස්වල්ප වේලාවකැ’යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ” යයි කී හ. Sinhala New Revised Version “උන් වහන්සේ ‘ස්වල්ප වේලාවකැ’යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ” යයි කී හ. සිංහල කාලීන පරිවර්තනය එබැවින් ඔවුහු, “මේ කියන ‘ස්වල්ප වේලාව’ කුමක් ද? මෙතුමන් කියන දේ අපට වැටහෙන්නේ නැතැ” යි පැවසූහ. Sinhala Revised Old Version එබැවින් ඔව්හු කථාකොට: ස්වල්ප වේලාවකැයි උන්වහන්සේ කියන මේක මොකක්ද? උන්වහන්සේ කියන්නේ කුමක්ද කියා අපි නොදනිමුයයි කීවෝය. |
එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි,
එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය,’ කියා ද එයට හේතුව ‘මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය’ කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ”යි කී හ.
ඔවුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කළ බව ජේසුස් වහන්සේ දැන, මෙසේ ඔවුන්ට වදාළ සේක: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු’යි මා කී මේ කරුණ ගැන ඔබ එකිනෙකා විචාරන්නහු ද?
ඔබ ගුරුවරුන් විය යුතු කාලය දැන් පැමිණ ඇතත්, දේව පණිවුඩය ‘අ’ යන්නේ පටන් යමෙකු විසින් ඔබට ඉගැන්විය යුතු ව තිබේ. ඉන් අදහස් කරන්නේ, ඔබට ඝන ආහාර නොව කිරි දිය යුතු බව ය.