Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 16:18 - සිංහල කාලීන පරිවර්තනය

18 එබැවින් ඔවුහු, “මේ කියන ‘ස්වල්ප වේලාව’ කුමක් ද? මෙතුමන් කියන දේ අපට වැටහෙන්නේ නැතැ” යි පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 “උන් වහන්සේ ‘ස්වල්ප වේලාවකැ’යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ” යයි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “උන් වහන්සේ ‘ස්වල්ප වේලාවකැ’යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ” යයි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එබැවින් ඔව්හු කථාකොට: ස්වල්ප වේලාවකැයි උන්වහන්සේ කියන මේක මොකක්ද? උන්වහන්සේ කියන්නේ කුමක්ද කියා අපි නොදනිමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 16:18
5 හුවමාරු යොමු  

එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “අහෝ! බුද්ධි හීන වූත්, දිවැසිවරුන් පැවසූ සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද වූත් තැනැත්තෙනි,


එවිට උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇතමෙක් එකිනෙකා අමතමින්, “ ‘තව ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කියාත්, ‘මා පියාණන්වහන්සේ වෙත යන නිසා ය’ කියාත් අපට මෙතුමන් කියන කියමනේ තේරුම කුමක් දැ?” යි පැවසූහ.


ඒ ගැන තමාගෙන් අසන්නට ඔවුන්ට ඕනෑ වග දැනගත් යේසුස්වහන්සේ, “ඔබ එකිනෙකාගෙන් අසන්නේ, ‘ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කීමෙන් මා අදහස් කළේ කුමක් ද කියා නො වේ ද?


මේ වන විට ඔබ ගුරුවරුන්ව සිටිය යුතු වුව ද, දෙවියන්වහන්සේගේ කියමන්වල මූලික ප්‍රතිපත්ති ඔබට ඉගැන්විය යුතුව තිබේ. ඔබට ඕනෑ කිරි ය; ඝන ආහාර නො වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්