ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 15:5 - Sinhala New Revised Version 2018

“මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“මිදි වැල මමයි; එහි අතු ඔබයි. යමෙක් මා තුළ රඳා පැවත සිටින්නේ ද, මා ඔහු තුළ සිටින්නේ ද, බොහෝ පල දරන්නේ ඔහු ය. මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නො හැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

පරිච්ඡේදය බලන්න



යොහන් 15:5
28 හුවමාරු යොමු  

ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පල දරයි; එහෙත් සැහැසි අයට එය නැති වී යයි.


ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍ය වෙති. ඔවුන් වඩ වඩා පව් කරනවාටත් ඔව්හු ආශා වෙති.


ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, තිරිඟු බීජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි.


ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.


ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක: “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි: පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකි ය; පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේ ද, ඒ දෙය මිස තනි ව ම කිසිවක් කරන්නට උන් වහන්සේට නො හැකි ය. මන්ද, උන් වහන්සේ යම් දෙයක් කරන සේක් ද, ඒ දෙය පුත්‍රයාණෝ ද එසේ ම කරන සේක.


මේ තැනැත්තා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණියෙක් නම් කිසිවක් කරන්නට ඔහුට නොහැකි ය”යි කී ය.


අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.”


එසේ ම බොහෝ දෙනෙක් වූ අපිත් ක්‍රිස්තුන් වහන්සේ හා සම්බන්ධ ව එක ශරීරයක් වී, එහි වෙන් වෙන් වශයෙන් අන්‍යොන්‍ය අවයවයෝ වම්හ.


එහෙත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන් ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙළවර වන, විශුද්ධි මාර්ගයෙහි පල දරන්නහු ය.


මාගේ සහෝදරවරුනි, ඔබ ද එලෙස ම ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වීමෙන් ව්‍යවස්ථාවෙන් නිදහස ලබා ඇත. ඒ හේතුවෙන් දෙවියන් වහන්සේට වැඩදායක වන පිණිස, ඔබ වෙන කෙනෙකුට, එනම් උත්ථානය ලැබූ තැනැන් වහන්සේට බැඳී සිටින්නහු ය.


අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප පූප කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?


මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක.


එහෙයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝ ද වන්නහු ය.


සත්‍යයට පක්ෂ ව මිස සත්‍යයට විපක්ෂ ව කිසිවක් අපට කළ නොහැකි ය.


වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයා දෙන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයා දී, ඒවා වැඩෙන්න සලස්වා, ඔබගේ ත්‍යාගශීලීභාවයේ අස්වැන්න සරුසාර කරන සේක.


එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම,


ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා.


මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය.


මා දීමනාව සොයනවා නොවේ. මා සොයන්නේ ඔබගේ ගිණුම අධික ලෙස වැඩි කරන විපාකය යි.


සමිඳාණන් වහන්සේට ඔබින ලෙසත්, ප්‍රිය මනාප වන ලෙසත් හැසිරෙන මෙන් යාච්ඤා කරමු. සියලු ආකාර යහපත් ක්‍රියාවලින් පලදායි වන මෙන් ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වැඩි වර්ධනය වන මෙන් ද යාච්ඤා කරමු.


ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය.


සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.


මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ, අනර්ඝ ජීවමාන ගලක් වැනි, උන් වහන්සේ වෙත පැමිණෙන්න.


අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.