මා පෙම්වතාට මම දොර ඇරියෙමි. එහෙත්, මා පෙම්වතා නික්ම ගොස් තිබිණි. ඔහු කතා කළ විට මට සිහි නැති විය. මම ඔහු සෙවීමි; එහෙත්, සම්බ නො වී ය. මා ඔහුට අඬගැසූ නමුත්, ඔහු මට පිළිතුරු නොදිනි.
යොහන් 12:8 - Sinhala New Revised Version 2018 දිළින්දෝ නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක. Sinhala New Revised Version දිළින්දෝ නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය දිළිඳුන් හැමදා ඔබ අතරේ ඉඳීවි. එහෙත් මා ඔබ අතරේ හැමදා සිටින්නේ නැතැ” යි පැවසූ සේක. Sinhala Revised Old Version මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමියි කීසේක. |
මා පෙම්වතාට මම දොර ඇරියෙමි. එහෙත්, මා පෙම්වතා නික්ම ගොස් තිබිණි. ඔහු කතා කළ විට මට සිහි නැති විය. මම ඔහු සෙවීමි; එහෙත්, සම්බ නො වී ය. මා ඔහුට අඬගැසූ නමුත්, ඔහු මට පිළිතුරු නොදිනි.
දුගීහු ඔබ සමඟ හැම දා ම සිටිති. ඔබ කැමැති හැම විටක ම ඔවුන්ට යහපත කරන්න ඔබට පුළුවන. එහෙත්, මම හැම දා ම ඔබ සමඟ නොසිටිමි.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “තව මඳ කලක් ආලෝකය ඔබ අතර පවතිනු ඇත. අන්ධකාරය ඔබ ග්‍රහණය නොකරන පිණිස, ආලෝකය තිබිය දී ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ ඔහු යන්නේ කොහේ දැ යි නොදනී.
දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණිය නොහැකි ය;
ජේසුස් වහන්සේ යළිත් ඔවුන්ට කතා කොට, “මම ඉවත් ව යමි. ඔබ මා සොයන්නහු ය. එහෙත් ඔබ ඔබේ පාපයෙහි මැරෙන්නහු ය. මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය”යි වදාළ සේක.
දිළින්දෝ කවරදාත් දේශයෙහි සිටින්නෝ ය. එබැවින් රටෙහි සිටින දිළින්දා සහ අගහිඟකම් ඇති ඔබේ සහෝදරයන් කෙරෙහි ත්‍යාගශීලී වන ලෙස මම ඔබට අණ කරමි.”