“ඔබ කවරෙක් දැ”යි අසන පිණිස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල, ජොහන් සාක්ෂි දෙමින්,
යොහන් 12:17 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ ලාසරස් සොහොන් ගෙයින් පිටතට කැඳවා, ඔහු මරණයෙන් උත්ථාන කළ අවස්ථාවේ දී උන් වහන්සේ සමඟ සිටි සමූහයා ඒ ගැන සාක්ෂි දැරූ හ. Sinhala New Revised Version උන් වහන්සේ ලාසරස් සොහොන් ගෙයින් පිටතට කැඳවා, ඔහු මරණයෙන් උත්ථාන කළ අවස්ථාවේ දී උන් වහන්සේ සමඟ සිටි සමූහයා ඒ ගැන සාක්ෂි දැරූ හ. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ලාසරස්ට සොහොනෙන් පිටතට හඬගසා, ඔහු මළවුන්ගෙන් නැගිටුවද්දී, උන්වහන්සේ සමඟ සිටි පිරිස දිගටම ඒ ගැන සාක්ෂි දැරූහ. Sinhala Revised Old Version එබැවින් උන්වහන්සේ ලාසරුස් සොහොන්ගෙයින් පිටතට කැඳවා මළවුන්ගෙන් නැගිටෙවු කල උන්වහන්සේ සමඟ සිටියාවූ සමූහයා සාක්ෂි දැරුවෝය. |
“ඔබ කවරෙක් දැ”යි අසන පිණිස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල, ජොහන් සාක්ෂි දෙමින්,
තවද, ජොහන් සාක්ෂි දරමින්, “ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බැස උන් වහන්සේ මත වැඩ හිඳිනු මම දිටිමි;
ඒ දේ මම ම දිටිමි; දැක, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි සාක්ෂි දැරුවෙමි”යි කීවේ ය.
එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටි ජුදෙව්වරු, ඈ විගස නැඟිට බැහැර යනු දැක, ඈ හඬන පිණිස සොහොන් ගේ ළඟට යන්නී යයි සිතා ඈ පස්සේ ගියහ.
සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදහාගන්න පිණිස ය”යි වදාළ සේක.
ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටින බව අසා උන් වහන්සේ දැකීමට පමණක් නොව, උන් වහන්සේ විසින් මරණයෙන් නැඟිටුවන ලද ලාසරස් දැකීමට ද පැමිණියහ.
එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි.
මේ ගැන සාක්ෂි දෙන්නාවූ ද මෙය ලිව්වාවූ ද ශ්‍රාවකයා ඔහු ය. ඔහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමු.
මේ කරුණුවලට අපි සාක්ෂිකාරයෝ වෙමු. දෙවියන් වහන්සේට කීකරු වන අයට ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ ද අප සමඟ, සාක්ෂිකාරයෙක් වන සේකැ”යි කී හ.
ජොහන් ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේ ය.