Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 12:17 - Sinhala Revised Old Version

17 එබැවින් උන්වහන්සේ ලාසරුස් සොහොන්ගෙයින් පිටතට කැඳවා මළවුන්ගෙන් නැගිටෙවු කල උන්වහන්සේ සමඟ සිටියාවූ සමූහයා සාක්ෂි දැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 උන් වහන්සේ ලාසරස් සොහොන් ගෙයින් පිටතට කැඳවා, ඔහු මරණයෙන් උත්ථාන කළ අවස්ථාවේ දී උන් වහන්සේ සමඟ සිටි සමූහයා ඒ ගැන සාක්ෂි දැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 යේසුස්වහන්සේ ලාසරස්ට සොහොනෙන් පිටතට හඬගසා, ඔහු මළවුන්ගෙන් නැගිටුවද්දී, උන්වහන්සේ සමඟ සිටි පිරිස දිගටම ඒ ගැන සාක්ෂි දැරූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 උන් වහන්සේ ලාසරස් සොහොන් ගෙයින් පිටතට කැඳවා, ඔහු මරණයෙන් උත්ථාන කළ අවස්ථාවේ දී උන් වහන්සේ සමඟ සිටි සමූහයා ඒ ගැන සාක්ෂි දැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 12:17
17 හුවමාරු යොමු  

ඔහු දෙවියන්වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමා දුටු සියලු දේ ගැන සාක්ෂිදුන්නේය.


අපි මේ කාරණාවලට සාක්ෂිකාරයෝය; එසේම දෙවියන්වහන්සේ විසින් තමන්ට කීකරුවෙන්නන්ට දුන් ශුද්ධාත්මයාණන්වහන්සෙත් සාක්ෂිකාරයෙකැයි කීවෝය.


උන්වහන්සේ අප අතරෙහි ආගිය මුළු කාලයෙහි නිතරම අප සමඟ සිටියාවූ මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමඟ සාක්ෂිකාරයෙක් විය යුතුයයි කීවේය.


ඒ දුටු තැනැත්තේ සාක්ෂිදී තිබේ, ඔහුගේ සාක්ෂිය සැබෑය. නුඹලාත් විශ්වාසකරන පිණිස තමා සැබෑව කියන බව ඔහු දන්නේය.


එකල යුදෙව්වරුන්ගෙන් මහත් සමූහයක් උන්වහන්සේ එහි සිටිනසේකැයි දැන, යේසුස්වහන්සේ නිසා පමණක් නොව උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද ලාසරුස් දකින පිණිස ආවෝය.


මේ දේ ගැන සාක්ෂිදෙන්නාවූ, මේ දේ ලියුවාවූ ගෝලයා මොහුය. මොහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමුව.


ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නුමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බව අවට සිටින්නාවූ සමූහයා විශ්වාසකරන පිණිස ඔවුන් නිසායයි කීසේක.


එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටියාවූ යුදෙව්වරු, ඈ වහාම නැගිට පිටතට යන බව දැක, සොහොන්ගේ ළඟදී අඬන පිණිස එහි යන්නීයයි සිතා, ඈ පස්සේ ගියෝය.


මමද ඒ දැක: මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි සාක්ෂිදුනිමියි කීවේය.


තවද යොහන් සාක්ෂිදෙමින්: ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බසිනවා දුටිමි; එය උන්වහන්සේ පිට නැවතුණේය.


නුඹ කවරෙක්දැයි යොහන්ගෙන් අසන පිණිස යුදෙව්වරුන් විසින් යෙරුසලමේ සිට පූජකයන්ද ලෙවීයයන්ද යැවූ කල ඔහු දුන් සාක්ෂිය මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්