ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, “මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය.
යොහන් 11:31 - Sinhala New Revised Version 2018 එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටි ජුදෙව්වරු, ඈ විගස නැඟිට බැහැර යනු දැක, ඈ හඬන පිණිස සොහොන් ගේ ළඟට යන්නී යයි සිතා ඈ පස්සේ ගියහ. Sinhala New Revised Version එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටි ජුදෙව්වරු, ඈ විගස නැඟිට බැහැර යනු දැක, ඈ හඬන පිණිස සොහොන් ගේ ළඟට යන්නී යයි සිතා ඈ පස්සේ ගියහ. සිංහල කාලීන පරිවර්තනය මරියා අස්වසමින් නිවසේ සිටි යුදෙව්වෝ, හදිසියේම ඇය නැගිට පිටතට යනු දැක, ඇය වැලපෙන්නට සොහොන වෙත යතැයි සිතා ඇය පසුපසින් ගියහ. Sinhala Revised Old Version එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටියාවූ යුදෙව්වරු, ඈ වහාම නැගිට පිටතට යන බව දැක, සොහොන්ගේ ළඟදී අඬන පිණිස එහි යන්නීයයි සිතා, ඈ පස්සේ ගියෝය. |
ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, “මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය.
මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.