Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 11:33 - Sinhala New Revised Version 2018

33 ජේසුස් වහන්සේ, ඈ ද ඈ සමඟ ආ ජුදෙව්වරුන් ද හඬනු දැක, සිතින් සුසුම්ලා කැළඹී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ජේසුස් වහන්සේ, ඈ ද ඈ සමඟ ආ ජුදෙව්වරුන් ද හඬනු දැක, සිතින් සුසුම්ලා කැළඹී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

33 ඇය හඬනු දුටු, ඇය හා පැමිණි යුදෙව්වන් ද හඬනු දුටු යේසුස්වහන්සේ තම ආත්මයෙන් දැඩිව සසල වී, බෙහෙවින් කැලඹී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 යේසුස්වහන්සේ ඈ අඬනවාත් ඈ සමඟ ආ යුදෙව්වරුන් අඬනවාත් දැක, ආත්මයෙන් සුසුම්ලා, කැලඹී:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 11:33
15 හුවමාරු යොමු  

එවිට, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී, සොහොන් ගේ ළඟට පැමිණි සේක. එය වනාහි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිණි.


“දැන් මාගේ සිත කැළඹී ඇත; ඉදින් මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ මොහොතෙන් මා ගැළවුව මැනවැ’යි කියම් ද? නැත, මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසා ම ය.


උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.


ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.


මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි.


උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.


ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි ප්‍රකාශ කළ සේක.


මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.


එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටි ජුදෙව්වරු, ඈ විගස නැඟිට බැහැර යනු දැක, ඈ හඬන පිණිස සොහොන් ගේ ළඟට යන්නී යයි සිතා ඈ පස්සේ ගියහ.


“ඔහු කොතැන තැන්පත් කළාහු දැ”යි ඇසූ සේක. “ස්වාමීනි, ඇවිත් බැලුව මැනැවැ”යි ඔව්හු කී හ.


ජේසුස් වහන්සේ හැඬු සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්