“මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි.
යොහන් 11:29 - Sinhala New Revised Version 2018 ඈ ඒ අසා නැඟිට වහා ම උන් වහන්සේ වෙතට ගියා ය. Sinhala New Revised Version ඈ ඒ අසා නැඟිට වහා ම උන් වහන්සේ වෙතට ගියා ය. සිංහල කාලීන පරිවර්තනය ඒ ඇසූ ඕ, වහා නැගිට, උන්වහන්සේ හමුවට ගියා ය. Sinhala Revised Old Version ඈ ඒ අසා වහාම නැගිට උන්වහන්සේ ළඟට ගියාය. |
“මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි.
සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි.
මාර්තා මෙසේ පවසා, ගොස්, ඇගේ සොහොයුරිය වූ මරියා කැඳවා, “ගුරුදේවයාණෝ වැඩම කර සිටිති; උන් වහන්සේ ඔබ කැඳවති”යි රහසින් කීවා ය.
ඒ වන තුරු ජේසුස් වහන්සේ ගමට ඇතුළු නොවී, උන් වහන්සේට මාර්තා හමු වූ ස්ථානයෙහි ම නතර වී සිටි සේක.