සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
යොහන් 10:34 - Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු ය’යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද? Sinhala New Revised Version ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු ය’යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද? සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු යැ’ යි මම කීවෙමි කියා, ඔබේ දහම් නීතියේ, ලියා නැද්ද? Sinhala Revised Old Version යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා දෙවිවරුයයි මම කීමියි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙනවා නොවේද? (ලියවිල්ල කඩවෙන්ට බැරිය.) |
සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
“නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.
ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය.
තවද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ පාරාවෝ ඉදිරියෙහි දෙවි කෙනෙකු මෙන් කරමි. නුඹේ සහෝදර වූ ආරොන් නුඹේ දිවැසිවරයා වන්නේ ය.
එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය.
සමූහයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ ‘ක්‍රිස්තුවරයාණෝ සදහට ම වැඩවසති’යි ව්‍යවස්ථාවලියෙන් අප අසා ඇත. එසේ නම් මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවනු ලැබිය යුතු යයි ඔබ කියන්නේ කෙසේ ද? මේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් දැ”යි ඇසූ හ.
මෙසේ සිදු වන්නේ, ‘ඔව්හු හේතුවක් නැති ව මට ද්වේෂ කළහ’යි ඔවුන්ගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති වචනය ඉෂ්ට වන පිණිස ය.
“අන් භාෂාවලිනුත්, අන්‍යයන්ගේ මුවිනුත්, මම මේ සෙනඟට කතා කරමි. එසේ වුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.