උන් වහන්සේ ද “යාච්ඤාවෙන් මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකි ය”යි ඔවුන්ට වදාළ සේක.
මාක් 9:30 - Sinhala New Revised Version 2018 ඔව්හු එතැනින් නික්ම ගලීලය මැදින් ගියහ. ඒ බව කිසිවෙකු දැනගැනීම උන් වහන්සේගේ කැමැත්ත නො වී ය. Sinhala New Revised Version ඔව්හු එතැනින් නික්ම ගලීලය මැදින් ගියහ. ඒ බව කිසිවෙකු දැනගැනීම උන් වහන්සේගේ කැමැත්ත නො වී ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු එතැනින් පිටත්ව ගලීලය මැදින් ගමන් ගත්හ. ඒ වග කිසිවකුත් දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ සේක. Sinhala Revised Old Version ඔව්හු එතැනින් පිටත්ව ගලීලය මැදින් ගියෝය; ඒ බව කිසිවෙක් දැනගන්නවාට උන්වහන්සේ කැමති නොවූසේක. |
උන් වහන්සේ ද “යාච්ඤාවෙන් මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකි ය”යි ඔවුන්ට වදාළ සේක.