Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 9:29 - Sinhala New Revised Version 2018

29 උන් වහන්සේ ද “යාච්ඤාවෙන් මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකි ය”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 උන් වහන්සේ ද “යාච්ඤාවෙන් මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකි ය”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වර්ගය යාච්ඤාවෙන් මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 උන්වහන්සේද යාච්ඤාවෙන් මිස වෙන ආකාරයකින් මේ ජාතිය දුරුකරන්ට නුපුළුවනැයි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 9:29
17 හුවමාරු යොමු  

එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාවෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව් කර තිබේ නම්, ඒ පව් ඔහුට කමා කරනු ලැබේ.


උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.”


සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න.


එය ඉවත් කරන මෙන් තුන් වරක් මම සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලුවෙමි.


මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි.


එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වූ තවත් ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේ ය. ඔව්හු ඒ නිවසට පිවිස එය අරක්ගනිති. එවිට ඒ පුද්ගලයාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය.”


මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු, කිසි ලෙසකින් වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස ය.


ඔව්හු එක එක සභාවේ සැදැහැවතුන් කෙරෙහි සභා මූලිකයන් පත් කොට, උපවාසයේ යෙදී යාච්ඤා කර, තමන් අදහා ගත් සමිඳාණන් වහන්සේට ඔවුන් භාර දී,


එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වෙන ආත්මයන් සත් දෙනෙකු කැඳවාගෙන එන්නේ ය. ඔව්හු, එහි පිවිස එය අරක්ගනිති. මෙසේ ඒ මිනිසාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය. මේ නපුරු පරම්පරාවට ද එසේ ම වනු ඇත.”


පහර ලැබුවෙමු; සිරගත වීමු; අඩන්තේට්ටම් කරනු ලැබුවෙමු. විවේකයක් වත්, නින්දක් වත් කෑමක් වත් නැති ව සිටියෙමු.


උන් වහන්සේ ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ කතා කොට, “ඒ ආත්මය දුරු කරන්න අපට නොහැකි වූයේ මන්දැ”යි උන් වහන්සේගෙන් රහසින් විචාළහ.


ඔව්හු එතැනින් නික්ම ගලීලය මැදින් ගියහ. ඒ බව කිසිවෙකු දැනගැනීම උන් වහන්සේගේ කැමැත්ත නො වී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්