ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 9:15 - Sinhala New Revised Version 2018

එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ දුටු ජන සමූහයා, එසැණේම මහත් සේ විස්මිතව උන්වහන්සේට ආචාර කිරීමට දිවූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකෙණෙහිම මුළු සමූහයා උන්වහන්සේ දුටු කල ඉතා විස්මිතව, ඉදිරියට දුවගොස් උන්වහන්සේට ආචාර කළෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 9:15
7 හුවමාරු යොමු  

ආරොන් සහ සියලු ඉශ්රායෙල් ජනයා මෝසෙස් දුටු විට, පුදුමයකි! ඔහුගේ මුහුණ බැබළෙමින් තිබිණි. ඔව්හු ඔහු ළඟට එන්නට බිය වූ හ.


උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක.


එකල ඔව්හු සොහොන් ගෙට පිවිස, සුදු සළුවක් හැඳගත් තරුණයෙකු දකුණු පස ඉඳගෙන සිටිනු දැක භීත වූ හ.


ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය;


“ඔබ ඔවුන් සමඟ කුමක් ගැන වාද කරන්නහු දැ”යි උන් වහන්සේ විනයධරයන්ගෙන් ඇසූ සේක.


සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක.