“ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
මාක් 9:14 - Sinhala New Revised Version 2018 ඔව්හු ශ්‍රාවකයන් වෙත ආ කල ඔවුන් වටකරගෙන මහත් සමූහයක් සිටිනවාත්, විනයධරයන් ඔවුන් සමඟ විවාද කරනවාත් දුටුවෝ ය. Sinhala New Revised Version ඔව්හු ශ්‍රාවකයන් වෙත ආ කල ඔවුන් වටකරගෙන මහත් සමූහයක් සිටිනවාත්, විනයධරයන් ඔවුන් සමඟ විවාද කරනවාත් දුටුවෝ ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු අනෙක් ගෝලයින් වෙත ආ කල, ඔවුන් වටා මහත් ජන සමූහයක් සිටිනු ද දහම් පඬිවරුන් ඔවුන් සමඟ වාද කරමින් සිටිනු ද දුටුවහ. Sinhala Revised Old Version ඔව්හු ගෝලයන් ළඟට ආ කල ඔවුන් අවට මහත් සමූහයක් සිටිනවාත් ලියන්නන් ඔවුන් සමඟ විවාදකරනවාත් දුටුවෝය. |
“ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
ඔව්හු අවුත්, “ගුරුදේවයෙනි, ඔබ අවංක මිනිසෙකු බවත්, කිසිවෙකු නොතකන බවත් අපි දනිමු; ඔබ මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන සේක. සීසර් අධිරාජයාට බදු දීම යුතු ද අයුතු ද? දෙමු ද, නොදෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
එහෙත් මම ඔබට කියමි, එලියා දැනට ම පැමිණ ඇත, ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි ඔව්හු තමන් රිසි දේ ඔහුට කළහ”යි වදාළ සේක.
පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය.
ඒ නිසා ඔබ අධෛර්ය ව විඩාවට පත් නොවන පිණිස, තමාට විරුද්ධ ව නැඟී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනැන් වහන්සේ ගැන සිතා බලන්න.