Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 11:28 - Sinhala New Revised Version 2018

28 “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

28 “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ඔබට මේවා කිරීමට බලය දුන්නේ කවුරු දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 නුඹ කවර බලයක් පිට මේ දේ කරන්නෙහිද? නොහොත් මේ දේවල් කරන්ට මේ බලය නුඹට දුන්නේ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 11:28
8 හුවමාරු යොමු  

ඔහු පිළිතුරු දෙමින්, “අපට අධිපතියෙකු හා විනිසකරුවෙකු ලෙස ඔබ පත් කෙළේ කවරෙක් ද? ඔබ මිසර වැසියා මැරුවා සේ ම මාත් මරන්න හදන්නෙහි දැ”යි ඇසී ය. එවිට මෝසෙස් බිය වී, “ඇත්තට ම කාරණය එළි වී තිබේ ය”යි කියාගත්තේ ය.


මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?


ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ.


ඔව්හු යළිත් ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවෙහි සක්මන් කරන කල, නායක පූජකවරු ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙත අවුත්,


ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න; එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින් දැ යි මම ඔබට කියන්නෙමි.


“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්