මාක් 5:26 - Sinhala New Revised Version 2018 ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය. Sinhala New Revised Version ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය. සිංහල කාලීන පරිවර්තනය බොහෝ වෙදුන් යටතේ නො විඳිනා දුක් විඳි මැය, තමන් සතුව තිබූ සියල්ල වියදම් කළ නමුදු, ඇගේ රෝගී තත්වය උග්‍ර වූවා මිස, සුවය ලද්දේ නැත. Sinhala Revised Old Version නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ, තමා සතු සියල්ල වියදම්කළ නුමුත් කිසි පලක් නොලැබ, වඩා අමාරුවට පැමිණ සිටියාය. |
බබිලෝනිය හදිසියේ වැටී විනාශ වූවා ය. ඈ ගැන වැලපෙන්න; ඇයට සුව වේ දැ යි බලන පිණිස ඇගේ තුවාළ ගුගුල් ඖෂධයෙන් ආලේප කරන්න.
ගිලියද්හි ගුගුල් නැද් ද? එහි වෙදෙක් නැද් ද? මාගේ සෙනඟ සුවය ලබා නැත්තේ මන්දැ”යි සමිඳාණන් වහන්සේ අසන සේක.
ඈ ජේසුස් වහන්සේ ගැන අසා, සමූහයා අතර පිටුපසින් ඇවිත්, උන් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවා ය.