Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 5:26 - Sinhala Revised Old Version

26 නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ, තමා සතු සියල්ල වියදම්කළ නුමුත් කිසි පලක් නොලැබ, වඩා අමාරුවට පැමිණ සිටියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 බොහෝ වෙදුන් යටතේ නො විඳිනා දුක් විඳි මැය, තමන් සතුව තිබූ සියල්ල වියදම් කළ නමුදු, ඇගේ රෝගී තත්වය උග්‍ර වූවා මිස, සුවය ලද්දේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 5:26
8 හුවමාරු යොමු  

ගිලියද්හි ගුගුල් නැද්ද? එහි වෙදෙක් නැද්ද? ඇත්නම් මාගේ දියණිය වන සෙනඟගේ සුවය ලැබී නැත්තේ මක්නිසාද?


එදිරිකාරයාට විරුද්ධව අපට පිහිටවුව මැනව, මක්නිසාද මනුෂ්‍යයාගේ පිහිට නිෂ්ඵලය.


බබිලෝනිය හදිසියෙන් වැටී විනාශවූවාය. ඈ ගැන කෑමොරගසන්න; ඈට සුවවේදෝ කියා බලන පිණිස ඇගේ තුවාලයට ගුගුල් ගෙනෙන්න.


නුඹලා නම් බොරු ගොතන්නෝය, නුඹලා සියල්ලෝම නොවටිනා වෙද්දුය.


දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක්


ඈ යේසුස්වහන්සේ ගැන අසා, සමූහයා අතරෙන් පස්සෙන් ඇවිත්, උන්වහන්සේගේ සළුවට අතගැසුවාය.


දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව, වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම්කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්ට බැරිවූවාවූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්