එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය.
මාක් 5:19 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. “එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. “එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය ඊට අවසර නුදුන් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබේ මිතුරන් වෙත ගෙදර ගොස්, ස්වාමින්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියාත්, උන්වහන්සේ ඔබ කෙරෙහි පෑ දයාව කොතෙක් ද කියාත් ඔවුන්ට කියන්නැ” යි පැවසූ සේක. Sinhala Revised Old Version නුමුත් උන්වහන්සේ ඔහුට අවසර නොදී: නුඹ ගෙදර නුඹේ නෑ මිතුරන් ළඟට ගොස්, ස්වාමීන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියාත් උන්වහන්සේ නුඹට කරුණාකළ හැටිත් ඔවුන්ට දන්වන්නැයි ඔහුට කීසේක. |
එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය.
දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි.
ඔහු නික්ම ගොස්, ජේසුස් වහන්සේ තමාට කොතරම් මහත් දේ කළ සේක් දැ යි දෙකපොලිසෙහි ප්‍රසිද්ධ කරන්න වුනි. සියල්ලෝ ම විස්මිත වූ හ.
“ඔබේ ගෙදරට හැරී ගොස්, දෙවියන් වහන්සේ ඔබට කළ සියල්ල ම ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. ඔහු ගොස්, ජේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේ කළ සේක් දැ යි නුවර පුරා ප්‍රචාරය කෙළේ ය.
“එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.