තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය.
තවත් වතාවක උන්වහන්සේ සිනගෝගයට ගිය කල, අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය.
උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය.
දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින් කී වචන ජෙරොබෝවම් රජු ඇසූ විට, ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගු කර, “ඔහු අල්ලාගනිව් ය”යි කීවේ ය. ඔහුට විරුද්ධ ව රජතුමා දිගු කළ තමාගේ අත, ආපසු නමා ගන්න බැරි ලෙස කොර විය.
ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක.
උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
එහෙයින් මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි වදාළ සේක.
ඒවායෙහි අන්ධ වූ ද කොර වූ ද අංශභාග වූ ද රෝගීන් සමූහයක් ඔත්පළ ව සිටියෝ ය.