ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 2:26 - Sinhala New Revised Version 2018

එනම්, අබියාතර් නායක පූජක ව සිටිය දී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ පූප කා, සිය පිරිවරටත් දුන් වග, ඔබ කවදාවත් කියවා නැද්දැ”යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එනම්, අබියාතර් නායක පූජක ව සිටිය දී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ රොටි කා, සිය පිරිවරටත් දුන් වග, ඔබ කවදාවත් කියවා නැද්දැ”යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

අබියාතර් උත්තම පූජකයාව සිටි කාලයේ, ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයනට විනා, අන් කිසිවකු කෑමට අකැප පිදුම් රොටි ගෙන කා, තම සගයින්ටත් දුන්නේ යැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එනම් උත්තම පූජකයාවූ අබියාතර්ගේ කාලයේදී දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට විනා වෙනකාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කා, තමා සමඟ සිටියවුන්ටත් දුන් බව නුඹලා කවදාවත් කියෙවුවේ නැද්දැයි කීසේක.

පරිච්ඡේදය බලන්න



මාක් 2:26
18 හුවමාරු යොමු  

ශාදොක් ද ඔහු සමඟ සියලු ලෙවීවරු ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන පැමිණියහ. මුළු ජනතාව නගරයෙන් අවුත් නිම වන තුරු ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියාතර් ළඟ බිම තැබූ හ.


එවිට ශාදොක් ද අබියාතර් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නැවත ජෙරුසලමට ගෙන ගොස් එහි නැවතී සිටියහ.


පූජකයන් වන ශාදොක් හා අබියාතර් ඔබ සමඟ එහි සිටිනවා නො‍වේ ද? එබැවින් රජ ගෙදරින් අසන්නට ලැබෙන කවර දෙයක් වුව ද, ඔබ පූජකයන් වන ශාදොක්ටත්, අබියාතර්ටත් දන්වන්න.


ෂෙවා වනාහි ලේකම් ය. ශාදොක් හා අබියාතර් පූජකයෝ ය.


අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.


ඔහු ශෙරුයාගේ පුත් ජෝවාබ් සහ අබියාතර් නමැති පූජකවරයා සමඟ සම්මන්ත්‍රණය කෙළේ ය. මොවුහු ද අදොනියාට පක්ෂ වී ඔහුට උපකාර කළෝ ය.


සලමොන් උත්තර දෙමින්, “ඔබ අදොනියා උදෙසා ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව ඉල්ලන්නේ මන් ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලන්න. මන්ද, ඔහු මාගේ වැඩිමහල් සහෝදරයා ය. පූජක අබියාතර් සහ ශෙරුයාගේ පුත් ජෝවාබ් ද ඔහුගේ පැත්ත ගෙන තිබෙන්නේ ය”යි තම මවට කීවේ ය.


ජෙහෝයාදාගේ පුත් බෙනායා සේනාපතියා ය; ශාදොක් සහ අබියාතර් පූජකවරු ය;


ලෙවී ජාතික වූ නෙතනේල්ගේ පුත් ෂෙමායා නම් ලේකම්, රජු ද අධිපතීන් ද ශාදොක් පූජකයා ද අබියාතර්ගේ පුත් අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම වාර්තාගත කෙළේ ය. එලෙයාසර්ට එක පිය වංශයක් ද ඊතාමාර්ට එක පිය වංශයක් ද බැගින් පස ඇට දමා තෝරාගන්නා ලද්දේ ය.


උන් වහන්සේ උත්තර දෙමින්, දාවිත් රජ තමාට ද සිය පිරිවරට ද කෑමට කිසිවක් නැති ව බඩගිනි වූ කල කළ දේ,


දාවිත් නොබ්හි අහිමෙලෙක් නම් පූජකයා වෙත පැමිණියේ ය. අහිමෙලෙක් දාවිත් සමුවන්නට වෙවුලමින් අවුත්, “කිසිවෙකු ඔබ සමඟ නැතිව ඔබ මෙහි තනියම ආවේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.


අහිමෙලෙක්ගේ පුත් අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒපොද් සැට්ටයක් ඇති ව ආයේ ය.


තමාට අනතුරු කරන්නට සාවුල් උපා යොදන බව දාවිත් දැන ගත් විට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි ඔහු පූජක අබියාතර්ට කීවේ ය.