මාක් 15:5 - Sinhala New Revised Version 2018 එහෙත්, ජේසුස් වහන්සේ ඉන්පසු කිසි පිළිතුරක් නුදුන් සේක. ඒ ගැන පිලාත් ද මවිත විය. Sinhala New Revised Version එහෙත්, ජේසුස් වහන්සේ ඉන්පසු කිසි පිළිතුරක් නුදුන් සේක. ඒ ගැන පිලාත් ද මවිත විය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් යේසුස්වහන්සේ පිළිතුරක් නො දී සිටි සේක. පිලාත් මවිත විය. Sinhala Revised Old Version නුමුත් යේසුස්වහන්සේ තවත් කිසි උත්තරයක් නුදුන්සේක; එහෙයින් පිලාත් මවිතවිය. |
සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ; නිහතමානී ලෙස එය දැරූ හ. මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ.
සමිඳාණන් වහන්සේ මට දුන් දරුවන් සමඟ මම මෙහි සිටිමි. සියොන් කන්දේ සිය සිහසුන ඇති සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා හට ජීවමාන පණිවුඩ ලෙස අප එවා ඇත.
ජෝෂුවා, උත්තම පූජක වන නුඹ ද සහකාර පූජකයන් වන නුඹලා ද සවන් දෙන්න. නුඹලා වනාහි මංගල පෙර නිමිති ය. ‘පැළෑටිය’ වන මාගේ මෙහෙකරුවා පැමිණෙන්නට සලස්වන්නෙමි.
නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක.
එහෙත්, ජේසුස් වහන්සේ එක වචනයකින් පමණ වත් උත්තර නුදුන් සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය.
පිලාත් නැවත කතා කොට, “ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද් ද? බලන්න, මොවුහු ඔබට කෙතරම් චෝදනා කරත් දැ”යි උන් වහන්සේට කී ය.
රජවාසලට යළිත් ඇතුළු වී, ජේසුස් වහන්සේ අමතා, “ඔබ කොහෙන් එන්නේ දැ”යි ඇසී ය. එහෙත් ජේසුස් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක.
මට පෙනෙන්නේ, දෙවියන් වහන්සේ අපෝස්තුළුවරුන් වන අප මරණයට නියම කළ අය මෙන්, අන්තිම තැන අපට දී තිබෙන බව යි. මෙලෙස අපි දේව දූතයන් හා මනුෂ්‍යයන් හා ඇතුළු මුළු ලොවට ම ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් වී සිටිමු.