මාක් 14:71 - Sinhala New Revised Version 2018 එහෙත් ඔහු, “ඔබ කියන ඒ මනුෂ්‍යයා මම නාඳුනමි”යි කියමින් තමාට ම සාප කරගන්නට ද දිවුරන්නට ද පටන්ගත්තේ ය. Sinhala New Revised Version එහෙත් ඔහු, “ඔබ කියන ඒ මනුෂ්‍යයා මම නාඳුනමි”යි කියමින් තමාට ම සාප කරගන්නට ද දිවුරන්නට ද පටන්ගත්තේ ය. සිංහල කාලීන පරිවර්තනය ඔහු තමාටම ශාප කර ගනිමින්, ඔවුන්ට දිවුරමින්, “ඔබ කියන මේ මිනිසා මා හඳුනන්නේ නෑ” යි කීවේ ය. Sinhala Revised Old Version නුමුත් ඔහු: නුඹලා කියන ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස් තබාගන්නටද දිවුරන්ටද පටන්ගත්තේය. |
එහෙත් ඔහු යළිත්, “නැතැ”යි කීවේ ය. මඳ වේලාවකට පසු නැවතත් ළඟ සිටි අය, “සැබැවින් ම ඔබ ඔවුන්ගෙන් එක් කෙනෙක් ම ය, ඔබත් ගලීලයෙක් ම ය”යි පේදුරුට කී හ.
එකෙණෙහි ම කුකුළා දෙ වන වර හැඬලී ය. පේදුරු ද, “කුකුළා දෙ වරක් හඬලන්නට පළමු, ‘ඔහු නාඳුනමි’යි ඔබ තෙ වරක් මා ගැන කියන්නෙහි ය”යි ජේසුස් වහන්සේ තමාට පැවසූ කීම සිහි කොට මහ හඬින් හැඬී ය.