ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 14:19 - Sinhala New Revised Version 2018

ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුහු ශෝක වන්නට වී, එකිනෙකා උන්වහන්සේ අමතමින්, “ඒ මම දැ?” යි අසන්නට වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු ශෝකවන්ටත් එක්කෙනෙක් එක්කෙනෙක් පාසා: මමද මමදැයි උන්වහන්සේගෙන් අසන්ටත් පටන්ගත්තෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 14:19
5 හුවමාරු යොමු  

ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, “ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ.


ඔවුන් වාඩි වී භෝජන වළඳමින් සිටිය දී ජේසුස් වහන්සේ, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් එක් කෙනෙක්; මා හා සමඟ වළඳන කෙනෙක්; මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.


උන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් ය; මා සමඟ එක පාත්‍රයෙහි අත ලන තැනැත්තේ ය.


උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ.