සමිඳාණන් වහන්සේට බැරි දෙයක් ඇද් ද? දරු උපතට නියම කාලය පැමිණි විට මම නුඹ වෙත ආපසු එමි. එවිට සාරා පුතෙකු ලබන්නී ය”යි වදාළ සේක.
මාක් 1:40 - Sinhala New Revised Version 2018 එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, “ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය”යි අයැද සිටියේ ය. Sinhala New Revised Version එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, “ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය”යි අයැද සිටියේ ය. සිංහල කාලීන පරිවර්තනය එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී, “ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි අයැදී ය. Sinhala Revised Old Version එවිට කුෂ්ඨරෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් දණින් හිඳ: ඔබවහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කියා අයැද සිටියේය. |
සමිඳාණන් වහන්සේට බැරි දෙයක් ඇද් ද? දරු උපතට නියම කාලය පැමිණි විට මම නුඹ වෙත ආපසු එමි. එවිට සාරා පුතෙකු ලබන්නී ය”යි වදාළ සේක.
ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නොසිටින කාලයක් කිසි කලෙක නොවේ වා!”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේ රජුට පහර දුන් සේක. ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියෙකු ව, වෙන ම ගෙයක වාසය කෙළේ ය. රජුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.
කුෂ්ඨ රෝගීහු සතර දෙනෙක් වාසල් දොරකඩ සිටියෝ ය. ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නහින තුරු කුමට මෙහි සිටිමු ද?
මන්ද, ඔහු මීටර් දෙකයි දශම දෙකක් දිග ඇති, මීටර් දෙකයි දශම දෙකක් පළල ඇති, මීටර් එකයි දශම තුනක් උස ඇති ලෝකඩ වේදිකාවක් සාදා මළුව මැද තබා තිබුණේ ය. ඔහු එහි සිටගෙන මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තම අත් විදහාගෙන මෙසේ යාච්ඤා කෙළේ ය:
අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති; බිහිරන්ට ඇසෙයි; මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.
ඔවුන් සමූහයා ළඟට ආ කල, එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී,
උන් වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක.
උන් වහන්සේ මඟ බැස ගමන් ගනිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, “යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.
ඔහු දණින් වැටී, “සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.