එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
මතෙව් 8:34 - Sinhala New Revised Version 2018 එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ. Sinhala New Revised Version එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ. සිංහල කාලීන පරිවර්තනය එවිට මෙන්න, මුළු නගරයම යේසුස්වහන්සේ හමු වන්නට පිටත්ව අවුත්, උන්වහන්සේ දුටු කල, තම පෙදෙසින් ඉවත්ව යන ලෙස අයැද සිටියහ. Sinhala Revised Old Version එකල ඒ මුළු නුවර වැසියෝ යේසුස්වහන්සේ සම්මුඛවීමට ඇවිත්, උන්වහන්සේ දැක, ඔවුන්ගේ සීමාවලින් අහක්වයන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. |
එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
තවද, ආහබ් රජ එලියා දුටු විට, ඔහුට කතා කොට, “ඉශ්රායෙල් ජනයා කළඹන තැනැත්තේ ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය.
ඔව්හු දෙවිඳුන්ට මෙසේ කියති: ‘අප වෙතින් යනු මැනව; ඔබේ දහම් මඟ ඉගෙනීමට අපට ආශාවක් නැත.
එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව. සව් බලැති දෙවිඳුන් විසින් අපට කරනු ලැබිය හැකි කිසිවක් ඇද්දැ’යි ඔවුන් දෙවිඳුන්ට කී නිසා ය.
අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.
ඔව්හු මොරගසමින්, “දෙවියන් වහන්සේගේ පුත්‍රය, ඔබ හා අප අතර මොන ගනුදෙනුවක් ද? නියමිත මොහොතට පළමුවෙන් අපට වද දෙන පිණිස මෙහි ආ සේක් දැ”යි කී හ.
සීමොන් පේදුරු ඒ දැක, ජේසුස් වහන්සේගේ පාමුල දණින් වැටී, “ස්වාමීනි, මා වෙතින් ඉවත් වනු මැනව, මම පව්කාර මිනිසෙකැ”යි කී ය.
ඔහු ජේසුස් වහන්සේ දැක, මොරගසා, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, “පරමෝත්තම දෙවියන්ගේ පුත් ජේසුස් වහන්ස, ඔබත්, මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන් අයැදිමි”යි මහ හඬින් කීවේ ය.
එහෙත්, අප යළි මරණයට මුහුණ දිය යුත්තේ මන් ද? මේ මහා ගින්න අප දවාලන්නට පුළුවන. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අප තවදුරටත් සවන් දුන්නොත් අපට මරණය නියත ය.
සාමුවෙල් සමිඳාණන් වහන්සේ වදාළ දේ කරමින්, බෙත්ලෙහෙමට පැමිණියේ ය. එවිට නගරයේ ප්‍රජා මූලිකයෝ වෙවුලමින් ඔහු හමු වන්නට අවුත්, “ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසූ හ.