එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!
මතෙව් 4:19 - Sinhala New Revised Version 2018 “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. Sinhala New Revised Version “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ඔවුන් ඇමතූ සේක්, “මා අනුව එන්න, මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යි කී සේක. Sinhala Revised Old Version මා පස්සේ එන්න, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමියි ඔවුන්ට කීසේක. |
එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.
උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක,
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා අනුව එන්න; මළවුන්ගේ භූමදානය මළවුන් ම කළාවේ”යයි ඔහුට වදාළ සේක.
ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
උන් වහන්සේ මඟ වඩින විට, අල්පෙවුස්ගේ පුත් ලෙවී නැමැත්තා රේගු පොළේ හිඳිනු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
ඉක්බිති උන් වහන්සේ නික්ම ගොස් ලෙවී නම් අයකැමියෙකු බදුපොළේ හිඳිනු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක.
උන් වහන්සේ තව කෙනෙකුට, “මා අනුව එන්නැ”යි වදාළ සේක. ඔහු: “ස්වාමීනි පළමුකොට මාගේ පියා භූමදාන කරන පිණිස යන්නට මට අවසර දුන මැනවැ”යි කී ය.
පසු දින ජේසුස් වහන්සේ ගලීලයට යන්නට ඉටාගත් සේක. එහි දී පිලිප් හමු වී, “මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.
යමෙක් මට සේවය කරන්නේ ද, ඔහු මා අනුගාමී විය යුතු යි. මම යම් තැනෙක සිටිම් ද මාගේ සේවකයා ද එහි ම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේ ද මාගේ පියාණෝ ඔහුට ගෞරව කරන සේක.”
මා ඔබට බරක් නුවූ බව ඔබ පිළිගන්නා අතර, මා කපටියෙකු බැවින් ප්‍රයෝගයෙන් ඔබ අල්ලාගත්තේ යයි යමෙකු කියනු ඇත.