මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය.
මතෙව් 27:2 - Sinhala New Revised Version 2018 ඔව්හු උන් වහන්සේට විලංගු ලා ගෙන ගොස් ආණ්ඩුකාර පිලාත්ට භාර දුන්හ. Sinhala New Revised Version ඔව්හු උන් වහන්සේට විලංගු ලා ගෙන ගොස් ආණ්ඩුකාර පිලාත්ට භාර දුන්හ. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු උන්වහන්සේ යදමින් බැඳ, පිටත ගෙන ගොස්, ආණ්ඩුකාර පිලාත්ට බාර දුන්හ. Sinhala Revised Old Version ඔව්හු උන්වහන්සේ බැඳගෙන ගොස් ආණ්ඩුකාරයාවූ පිලාත්ට භාරදුන්නෝය. |
මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය.
කවටකම් කිරීම ද තැලීම ද කුරුසියෙහි ඇණ ගැසීම ද සඳහා විජාතීන්ට පාවා දෙති. එහෙත්, තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක.
ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ.
ඔව්හු උන් වහන්සේගේ කටින් වචනයක් අල්ලාගෙන උන් වහන්සේ රජයට ද ආණ්ඩුකාරයාගේ බලයට ද බාර දීමට අවස්ථාවක් සොයමින්, තමන් අවංකයන් සේ පෙනී සිටින ඔත්තුකාරයන් යැවූ හ.
තිබේරියස් අධිරාජයා රජ පැමිණි පසළොස් වන අවුරුද්දෙහි පොන්තියස් පිලාත් ජුදයට ආණ්ඩුකාරයා ව ද හෙරොද් ගලීලයට යුවරජ ව ද ඔහුගේ සහෝදර පිලිප් ඉතුරයටත්, ත්‍රිකොනියටත් යුවරජ ව ද ලුසානියස් අබිලේනියට යුවරජ ව ද අන්නස් හා කායාපස් උත්තම පූජකවරයන් ව ද සිටි සමයෙහි,
එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාධිපතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා, බැඳගෙන
එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ.
පේදුරු නඩු ශාලාවට පමුණුවන්නට හෙරොද් අදහස් කරගෙන සිටි දිනට පෙර දින රාත්‍රියේ දී පේදුරු දම්වැල් දෙකකින් බඳින ලදුව හේවායන් දෙදෙනකු මැද නිඳා සිටියේ ය. මුර භටයෝ දොර ඉදිරියේ හිරගෙය රැකවල් කළහ.
එවිට සේනාධිපතියා ළං වී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්නට අණ කොට, “මොහු කවරෙක් ද? කුමක් කෙළේ දැ”යි විචාළේ ය.
එහෙත් කසයෙන් තැළීම සඳහා ඔවුන් ඔහු බැන්ද විට පාවුලු කතා කොට, “රෝම පුරවැසියෙකු විනිශ්චය නොකොට ඔහුට කසයෙන් තළවන්නට ඔබට නීතියෙන් බලයක් තිබේ දැ”යි ළඟ සිටි ශතාධිපතියාට කී ය.
ඔහු විභාග කරන්නට සිටි අය එවේලේ ම ඔහු වෙතින් අහක් ව ගියහ. පාවුලු රෝම පුරවැසියකු බව දැන ගත් කල සේනාධිපතියා ඔහු බැඳ තැබීම ගැන බියට පත් විය.
එහෙත් දෑවුරුද්දක් ගත වූ පසු, ෆීලික්ස්ගේ නිලයට පොර්කියුස් ෆෙස්තුස් පත් කරන ලදී. ෆීලික්ස් වනාහි ජුදෙව්වරුන් සතුටු කරන්නට කැමැති ව, පාවුලු හිරබාරයෙහි තබා ගියේ ය.
මේ කාරණය නිසා ඔබ දකින්නට ද, ඔබ හමු වී, කතා කරන්නට ද ඔබ කැඳෙව්වෙමි. මන්ද, මා මේ දම්වැලෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්රායෙල් ජනතාවගේ බලාපොරොත්තුව නිසා ය”යි කී ය.
ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය.
සැබැවින් ම, ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධ ව හෙරොද් හා පොන්තියුස් පිලාත්, විජාතීන් ද, ඉශ්රායෙල් ජනයා ද සමඟ මේ නුවර රැස් වූ හ.
ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය.
සකල ජීවයට උල්පත වූ දෙවියන් වහන්සේ ද, පොන්තියුස් පිලාත් ඉදිරියෙහි ඇදහීම නිර්භීත ලෙස ප්‍රකාශ කළ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද අබිමුවෙහි මා ඔබට භාර දෙන කටයුත්ත මෙය යි:
අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය.
සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න.
ඔව්හු ද, “ඔබ බැඳ පිලිස්තිවරුන්ට පාවා දෙන පිණිස අපි ආවෙමු”යි ඔහුට කී හ. සම්සොන් පිළිතුරු දෙමින්, “ඔබ ම මා නොමරන හැටියට දිවුරුම් දෙන්නැ”යි ඔවුන්ට කීවේ ය.