ඔබ බඳුන් පුරා මිදිපැන් බොන්නහු ය; ඉස්තරම් තෙල් ඇඟ ගාගන්නහු ය. එහෙත්, ඉශ්රායෙල්ට වන විනාශය ගැන ශෝක නොවන්නහු ය.
මතෙව් 25:42 - Sinhala New Revised Version 2018 මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න නුදුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න නුදුන්නහු ය. Sinhala New Revised Version මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න නුදුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න නුදුන්නහු ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද මා සාගිනිව සිටියා; ඔබ මට ආහාර දුන්නේ නෑ. මා පිපාසිතව සිටියා; ඔබ මට බොන්නට දුන්නේ නෑ. Sinhala Revised Old Version මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. නුඹලා මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි. නුඹලා මට බොන්ට නුදුන්නහුය. |
ඔබ බඳුන් පුරා මිදිපැන් බොන්නහු ය; ඉස්තරම් තෙල් ඇඟ ගාගන්නහු ය. එහෙත්, ඉශ්රායෙල්ට වන විනාශය ගැන ශෝක නොවන්නහු ය.
මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි.
මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න දුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න දුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට පිළිගත්තහු ය.
“එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න.
ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට නොපිළිගත්තහු ය. වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර නුදුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; හිරගෙදර ද සිටියෙමි; ඔබ මා බලන්න ආවේ නැතැ’යි වදාරන සේක.
“මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේ ද, මට ප්‍රේම කරන්නේ ඔහු ය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේ ද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මම ද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි”යි වදාළ සේක.
එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය.
යමෙක් සමිඳාණන් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම්, ඔහු සාප ලද්දෙක් වේ වා! ‘මරනථා’ - සමිඳාණන් වහන්ස, වැඩිය මැනව.
එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක.
යමෙක් “මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි”යි කියමින්, තම සහෝදරයාට වෛර කරයි නම්, ඔහු බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකි ය.