Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 25:42 - සිංහල කාලීන පරිවර්තනය

42 මන්ද මා සාගිනිව සිටියා; ඔබ මට ආහාර දුන්නේ නෑ. මා පිපාසිතව සිටියා; ඔබ මට බොන්නට දුන්නේ නෑ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න නුදුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න නුදුන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න නුදුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න නුදුන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

42 මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. නුඹලා මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි. නුඹලා මට බොන්ට නුදුන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 25:42
15 හුවමාරු යොමු  

එකල දෙවියන්වහන්සේ නො හඳුනන්නන්ට හා යේසුස් අප ස්වාමින්වහන්සේගේ ශුභාරංචියට කීකරු නො වන්නන්ට දඬුවම් කරන සේක.


යමෙක් ස්වාමින්වහන්සේට ප්‍රේම නො කරනවා නම්, ඔහු ශාප ලද්දෙක්ම වේවා! අපගේ ස්වාමින්වහන්ස, එනු මැනව!


එසේ කර ඇත්තේ, සියලු දෙනා වෙතින් පියාණන් ලබන ගෞරවයම පුත්‍රයාත් ලබන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නො කරන්නා, ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව කරන්නේ නැත.


“මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක්රැස් නො කරන්නා විසුරුවා හරියි.


යමෙක්, “මම දෙවියන්වහන්සේට ප්‍රේම කරමි” යි කියමින්, තම සහෝදරයාට වෛර කරනවා නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද තමන් දැක ඇති සහෝදරයාට ප්‍රේම නො කරන්නාට, තමන් දැක නැති දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට බැරි ය.


මාගේ ආඥා ඇති කවරකු වුව, ඒවා පිළිපදින්නේ නම්, මට ප්‍රේම කරන්නේ ඔහු ය. මට ප්‍රේම කරන්නා, මගේ පියාණන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබයි; මමත් ඔහුට ප්‍රේම කරමින්, ඔහුට හෙළිදරවු වෙමි” යි පැවසූ සේක.


මන්ද මා සාගිනිව සිටියා; ඔබ මට ආහාර දුන්නා. මා පිපාසිතව සිටියා; ඔබ මට බොන්නට දුන්නා. මා ආගන්තුකව සිටියා; ඔබ නිවසට මා පිළිගත්තා.


දහවල හතළිහක් හා රෑ හතළිහක් නිරාහාරව සිටි පසු, උන්වහන්සේට සාගිනි විය.


“ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත්ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙලව ඇති සදාතන ගින්නට යනු.


මා ආගන්තුකව සිටියා; ඔබ මා පිළිගත්තේ නෑ. මා නිර්වස්ත්‍රව සිටියා; ඔබ මට ඇඳුම් ඇන්ඳුවේ නෑ. මා රෝගීව සිටියා; සිරගතව සිටියා; ඔබ මා බලන්නට ආවේ නෑ’ යි කියනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්