ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 23:21 - Sinhala New Revised Version 2018

දේව මාලිගාවේ නාමයෙන් දිවුරන්නා එහි ද, එහි වැඩ වසන තැනැන් වහන්සේගේ ද නාමයෙන් දිවුරන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දේව මාලිගාවේ නාමයෙන් දිවුරන්නා එහි ද, එහි වැඩ වසන තැනැන් වහන්සේගේ ද නාමයෙන් දිවුරන්නේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එසේම, දේව මාලිගය ගැන දිවුරන්නා දේව මාලිගයත්, එහි සිටින තැනැන්වහන්සේ ගැනත් දිවුරයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දේවමාළිගාව ගැන දිවුරන්නා ඒ ගැනද එහි වසන තැනන්වහන්සේ ගැනද දිවුරන්නේය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 23:21
9 හුවමාරු යොමු  

මම ඔබ උදෙසා වාසභවනයක්, ඔබට සදා විසීමට තැනක් ඉදි කෙළෙමි.”


“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?


එහෙත්, මම ඔබට නිවාසයක් ද සදහට ම ඔබට වැඩ සිටීමට ස්ථානයක් ද ගොඩනැඟුවෙමි”යි කීවේ ය.


සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබුණු නිසා පූජකයන්ට ඒ මාලිගාවට ඇතුල් වන්න බැරි විය.


සමිඳුනි, ඔබේ වාසභවනයටත්, ඔබ තේජසින් වැජඹෙන මන්දිරයටත් මම ප්‍රේම කරමි.


එබැවින් පූජාසනයේ නාමයෙන් දිවුරන තැනැත්තේ එහි හා ඒ පිට තිබෙන සියල්ලේ නාමයෙන් දිවුරන්නේ ය,


උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ.


මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි.