ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි;
මතෙව් 20:26 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය. Sinhala New Revised Version එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා, වන්නට කැමති තැනැත්තා ඔබගේ සේවකයා විය යුතුයි. Sinhala Revised Old Version නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. |
ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි;
එවිට ඔවුන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ සාගිනි ව හෝ පිපාසා වී හෝ ආගන්තුක ව හෝ වස්ත්‍ර නැති ව හෝ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිනු දැක අපි ඔබ වහන්සේට උපස්ථාන නොකෙළෙමු දැ’යි අසනු ඇත.
ගලීලයේ සිට උන් වහන්සේ කැටුව අවුත්, උන් වහන්සේට ආවතේව කළ බොහෝ කාන්තාවෝ ද එහි දුරින් සිට බලා සිටියහ.
එහෙත්, ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු ඔබේ සේවකයා විය යුතු ය.
කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”
එකල උන් වහන්සේ වැඩහිඳ දොළොස් දෙනා කැඳවා, “ප්‍රථමයා වන්න කැමැත්තේ හැමට ම අන්තිමයාත්, හැමගේ සේවකයාත් විය යුතු ය”යි ඔවුන්ට වදාළ සේක.
මෙය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”
එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙන් ද නායකයා සේවකයා මෙන් ද වේ වා;
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක.
සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය.
ඔබ ඇදහිය යුතු දේ ගැන අපි ඔබට විධාන නොකරමු. ඔබගේ ප්‍රීතිය සඳහා අපි සහයෝගයෙන් ඔබ සමඟ සේවය කරමු. මන්ද, ඔබගේ ඇදහිල්ල ස්ථීර ය.
ඒ මහා දවසේ දී ඔහුට සමිඳාණන් වහන්සේගෙන් කරුණාව ලැබෙන්නට උන් වහන්සේ සලස්වන සේක් වා! ඔහු එපීසයෙහි දී මට කෙතරම් උපස්ථාන කළේ දැ යි මට වඩා හොඳින් ඔබ දන්නෙහි ය.
සුබ අස්න නිසා මා හිර අඩස්සියේ සිටිය දී ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස ඔහු මා ළඟ නවතාගැනීමට මම කැමැත්තෙමි.
එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්.
ඒ ස්ත්‍රිය සැදැහැවතුන්ගේ ද, ජේසුස් වහන්සේ නමින් දිවි පිදූවන්ගේ ද ලෙයින් මත් ව සිටියා ය. ඈ දුටු විට මම අතිශයින් පුදුම වීමි.