ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 17:10 - Sinhala New Revised Version 2018

උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එවිට ගෝලයෝ ප්‍රශ්න කරමින්, “එසේ නම්, පළමු කොට එලියා පැමිණිය යුතු යැයි දහම් පඬිවරුන් කියන්නේ මන්දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: එසේවී නම් එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ කුමක් නිසා කියන්නෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 17:10
9 හුවමාරු යොමු  

ඔබ පිළිගන්න කැමැති නම්, එන්න සිටින එලියා මොහු ය.


ඔව්හු කතා කොට, “සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ.


උන් වහන්සේ උත්තර දෙමින්, “එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය.


තවද ඔව්හු කතා කොට, “පළමුවෙන් එලියා ආ යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.


“එසේ නම් කිමෙක් ද? ඔබ එලියා දැ”යි ඔව්හු ඇසූ හ. “නැතැ”යි ඔහු කී ය. “ඔබ ඒ දිවැසිවරයා ද?” යන ප්‍රශ්නයටත්, “නැතැ”යි ඔහු කී ය.


ඔව්හු ප්‍රශ්න කරමින්, “ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්, එලියා වත්, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නම්, බව්තීස්ම-ස්නාපනය කරන්නේ කුමක් නිසා දැ”යි ඇසූ හ.