ඒ රටේ මිනිස්සු උන් වහන්සේ ඇඳින, අවට පෙදෙස පුරා පණිවුඩ යවා, සියලු රෝගීන් උන් වහන්සේ වෙත ගෙන්වා,
මතෙව් 14:36 - Sinhala New Revised Version 2018 උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ. Sinhala New Revised Version උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ. Sinhala Revised Old Version උන්වහන්සේගේ සළුවේ දාවල්ලටවත් අතගසන්ට ඔවුන්ට ඉඩ දෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලෝම සුවපත්වූවෝය. |
ඒ රටේ මිනිස්සු උන් වහන්සේ ඇඳින, අවට පෙදෙස පුරා පණිවුඩ යවා, සියලු රෝගීන් උන් වහන්සේ වෙත ගෙන්වා,
ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති.
එසේ කීවේ, උන් වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හෙයින්, රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි.
උන් වහන්සේ යම් කිසි ගම්මානයකට හෝ ගොවිපොළකට හෝ නුවරකට හෝ ඇතුළු වූ සේක් ද, එහි ඔව්හු රෝගීන් කඩපිල්වල තබා, ඔවුන්ට උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලූ හ. එසේ ස්පර්ශ කළ හැම දෙනාට ම සුවය ලැබිණි.
ඔව්හු බෙත්සයිදාවට පැමිණියහ. එවිට ඇතැමෙක් උන් වහන්සේ වෙත අන්ධයෙකු ගෙනවුත් ඔහු පිට අත් තබන මෙන් ආයාචනා කළහ.
උන් වහන්සේ කෙරෙන් අනුහස නික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින්, මුළු සමූහයා උන් වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ.
පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි.
ඉදින්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නො වන පරිදි, මිනිසෙක් සබත් දවසේ දී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේ දී මා මිනිසෙකු සම්පූර්ණයෙන් ම සුවපත් කළ බැවින්, ඔබ කෝප වන්නේ මන් ද?
දැන් ඔබ ඉදිරියේ සිටින ඔබ හඳුනන මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබුවේ උන් වහන්සේගේ නාමයෙන් හා ඒ නාමය කෙරෙහි ඇති ඇදහිල්ල කරණකොටගෙන ය.