Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 14:36 - Sinhala Revised Old Version

36 උන්වහන්සේගේ සළුවේ දාවල්ලටවත් අතගසන්ට ඔවුන්ට ඉඩ දෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලෝම සුවපත්වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

36 උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 14:36
15 හුවමාරු යොමු  

උන්වහන්සේගෙන් ආනුභාවය නික්මවිත් ඔවුන් සියල්ලන් සුවකළ බැවින්, මුළු සමූහයා උන්වහන්සේට අතගසන්ට උත්සාහකළෝය.


මක්නිසාද උන්වහන්සේ බොහෝ දෙනෙකු සුවකළ හෙයින් රෝගවලින් පීඩිතවූ සියල්ලෝම උන්වහන්සේගේ ඇඟේ අත් තබන්ට උන්වහන්සේට තෙරපීගන ආවෝය.


උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ නාමයම නුඹලා දකින්නාවූ අඳුනන්නාවූ මේ මනුෂ්‍යයා සවිකෙළේය. එසේය, උන්වහන්සේ කරණකොටගෙන ඇත්තාවූ ඇදහිල්ල නුඹලා සියල්ලන් ඉදිරියෙහි මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය.


මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නොවන පිණිස මනුෂ්‍යයෙක් සබත් දවසේදී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේදී මනුෂ්‍යයෙකු සම්පූර්ණයෙන් සුව කළාට නුඹලා මා කෙරේ කෝපවවූද?


පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.


ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති,


ඒ රටේ මනුෂ්‍යයෝ උන්වහන්සේ ඇඳින, එහි වටකර මුළු රටට කියා ඇර, සියලු රෝගීන් උන්වහන්සේ වෙතට ගෙන්වා,


යම්කිසි ගමකට හෝ නුවරකට හෝ ජනපදයකට හෝ උන්වහන්සේ ඇතුල්වූසේක්ද, එතැන්හි ඔව්හු රෝගාතුරයන් කඩපිල්වල තබා, ඔවුන්ට උන්වහන්සේගේ සළුවේ දාවල්ලට පමණවත් අතගසන්ට ඉඩදෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලන්ටම සුවය ලැබුණේය.


ඔව්හු බෙත්සයිදාවට පැමිණියෝය. එවිට ඔව්හු උන්වහන්සේ වෙතට අන්ධයෙකු ගෙනැවිත් ඔහු පිට අත් තබනමෙන් උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්