මතෙව් 13:36 - Sinhala New Revised Version 2018 එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ. Sinhala New Revised Version එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ. සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු උන්වහන්සේ සමූහයාගෙන් වෙන්ව නිවසට ගිය සේක. උන්වහන්සේ වෙත පැමිණි උන්වහන්සේගේ ගෝලයෝ, “කුඹුරේ කිරිඳි උපමාව අපට පහදා දෙන්නැ” යි කීහ. Sinhala Revised Old Version එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය. |
උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.
“ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය.
ඉන්පසු උන් වහන්සේ සමූහයා පිටත් කර හරින අතර, ඔරුවට නැඟී, තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළ සේක.
උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “එසේය, ස්වාමීනි”යි ඔව්හු කී හ.
උපමාවක් නැති ව උන් වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළ සේක. එහෙත්, උන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන් සේක.
එකෙණෙහි ම උන් වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්‍රාවකයන්ට ද ඔරුවට නැඟී තමන්ට පෙරටුව බෙත්සයිදාව බලා එගොඩට යන්න අණ දුන් සේක.
උන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන් ව ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ ඒ උපමාව ගැන උන් වහන්සේගෙන් විචාළහ.