ආසා මරණයට පත් වූ පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ භූමදාන කරනු ලැබී ය. ඔහුගේ පුත්‍ර වූ ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ විය.
මතෙව් 1:8 - Sinhala New Revised Version 2018 ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම් ද, ජෝරාම්ට දාව උශ්ශියා ද, Sinhala New Revised Version ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම් ද, ජෝරාම්ට දාව උශ්ශියා ද, සිංහල කාලීන පරිවර්තනය ආසා, යෙහෝෂාපාට්ගේ පියා ය. යෙහෝෂාපාට්, යෙහෝරාම්ගේ පියා ය. යෙහෝරාම්, උස්සියාගේ පියා ය. Sinhala Revised Old Version ආසාට දාව යෙහෝෂාපාත් උපන්නේය; යෙහෝෂාපාත්ට දාව යෝරාම් උපන්නේය; යෝරාම්ට දාව උස්සියා උපන්නේය; |
ආසා මරණයට පත් වූ පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ භූමදාන කරනු ලැබී ය. ඔහුගේ පුත්‍ර වූ ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ විය.
එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් ව සිටි උශ්ශියා කැඳවාගෙන ඔහුගේ පියා වූ අමශියා වෙනුවට රජකමට පත් කළෝ ය.
ආහබ්ගේ පුත් ජොරාම් ජුදාහි රජු වන ජෙහෝෂාපාට්ගේ දහඅට වන අවුරුද්දේ දී සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය.
ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ පස් වන අවුරුද්දේ ජෙහෝෂාපාට් ජුදාහි රජ ව සිටිද්දී ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් ජෙහෝරාම් රජ විය.
ජෙහෝෂාපාට් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.