ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න;
විලාප ගී 5:6 - Sinhala New Revised Version 2018 සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු. Sinhala New Revised Version සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු. Sinhala Revised Old Version සෑහෙන පමණ කෑම ලැබෙන පිණිස මිසරවරුන්ටත් අෂූර්වරුන්ටත් අත දුනිමුව. |
ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න;
ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමඟට ආ රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් සම්බ වී ඔහුට ආචාර කොට, “මාගේ සිත ඔබේ සිත කෙරේ අවංක ව තිබෙන්නාක් මෙන් ඔබේ සිතත් අවංක දැ”යි ඇසුවේ ය. ජෙහෝනාදාබ්, “එසේ ය”යි කී විට, “එසේ නම් මට ඔබේ අත දෙන්නැ”යි ඔහු කීවේ ය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේ ය.
නුඹලා සුවඳ ද්‍රව්‍ය ගාගෙන මොලෙක් දෙවියාට නමස්කාර කරන පිණිස යන්නහු ය. නමස්කාර කිරීමට දෙවිවරුන් සොයාගන්න පිණිස නුඹලා පණිවුඩකාරයන් දස දෙස, පාතාල ලෝකයට පවා යවන්නහු ය.
ඉදින්, මිසරයට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ එහි නයිල් ගඟෙන් වතුර බොන්නට ද? අසිරියාවට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ යුප්‍රටීස් ගඟෙන් වතුර බොන්නට ද?
නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය.
බබිලෝනියට විරුද්ධ ව එය වටකර රණ ඝෝෂා කරන්න. බබිලෝනිය දැන් යටත් වී ඇත. එහි ප්‍රාකාර වැටී ඇත; පවුරු කඩාදමා ඇත. මෙය සමිඳුන්ගෙන් ලත් දඬුවම ය. බබිලෝනියෙන් පළිගැනීමට ඒ දේශය කළ ලෙස ම එයටත් කරන්න.
නොලැබෙන උපකාර ගැන බලා සිටීමෙන් අපේ ඇස් තවත් අඳුරු වී යන්නේ ය. ගළවන්න බැරි ජාතියක් ගැන මුර කුලුණු උඩ අපි බලා සිටියෙමු.
මන්ද, ඔහු ගිවිසුම කඩ කර දිවුරුම සුළු කෙළේ ය. ඔහු අත හිත දී තිබුණ නමුත්, මේ සියල්ල කෙළේ ය. ඔහු නොගැළවෙන්නේ ය.’ ”
එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”
“එප්‍රායිම් තමාගේ රෝගාතුරකම ද ජුදාව තමාගේ තුවාළ ද දුටු කල එප්‍රායිම් අසිරියාවට ගිය නමුත්, ජුදා විසින් මහ රජතුමාට පණිවුඩයක් යවනු ලැබූ නමුත්, රෝගය වත් තුවාළය වත් සුව කිරීමට ඒ රජුට බැරි විය.
එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.
එප්‍රායිම් සෙනඟට සමිඳාණන් වහන්සේගේ දේශයෙහි වාසය කිරීමට නොහැකි ව ඔවුන්ට ආපසු මිසර දේශයට යන්න සිදු වන්නේ ය; අසිරියාවේ දී අපිරිසිදු කෑම කන්න ඔවුන්ට සිදු වන්නේ ය.