Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 5:13 - Sinhala New Revised Version 2018

13 “එප්‍රායිම් තමාගේ රෝගාතුරකම ද ජුදාව තමාගේ තුවාළ ද දුටු කල එප්‍රායිම් අසිරියාවට ගිය නමුත්, ජුදා විසින් මහ රජතුමාට පණිවුඩයක් යවනු ලැබූ නමුත්, රෝගය වත් තුවාළය වත් සුව කිරීමට ඒ රජුට බැරි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “එප්‍රායිම් තමාගේ රෝගාතුරකම ද ජුදාව තමාගේ තුවාළ ද දුටු කල එප්‍රායිම් අසිරියාවට ගිය නමුත්, ජුදා විසින් මහ රජතුමාට පණිවුඩයක් යවනු ලැබූ නමුත්, රෝගය වත් තුවාළය වත් සුව කිරීමට ඒ රජුට බැරි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එප්‍රායිම් තමාගේ රෝගාතුරකමද යූදා තමාගේ තුවාලයද දුටුකල එප්‍රායිම් අෂූර් ළඟට ගියේය, (යූදාද) විරුද්ධකාර රජු ළඟට පණිවුඩ ඇරියේය. නුමුත් නුඹලාට සුවකරන්ට ඔහුට බැරිය, ඔහු නුඹලාගේ තුවාලය සනීපකරන්නෙත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 5:13
16 හුවමාරු යොමු  

එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.


එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”


එය අසිරියාවට, එහි මහා රජුට, පඬුරක් වශයෙන් ගෙනයනු ලබන්නේ ය. එප්‍රායිම් ලජ්ජාවට පත් වනු ඇත. ඉශ්රායෙල් සෙනඟ පිළිගත් අවවාද නිසා ඔව්හු ලජ්ජා වන්නෝ ය.


රැළෙන් වෙන් වූ වල් කොටළුවෙකු සේ ඔවුන් අසිරියාවට ගොස් ඇත. එප්‍රායිම් ජාතිය පෙම්වතුන් කුලියට ගන්න පිණිස අන්‍ය ජාතීන්ට මුදල් ගෙවා ඇත.


සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “නුඹලාගේ තුවාළ අසාධ්‍ය ය; නුඹලා විඳින වේදනාව ඉතා දරුණු ය.


අසිරියාවේ රජ වූ පූල් දේශය ආක්‍රමණය කෙළේ ය. මෙනහෙම් ද රාජ බලය තමා අතේ තහවුරු කරගැනීමට, පූල් තමාට උදව් වන පිණිස රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් ඔහුට දුන්නේ ය.


මන්ද, සමාරියේ තුවාළ අසාධ්‍ය ව තිබේ. ජුදාවටත් ඒ දේ සිදු විය. මාගේ සෙනඟගේ දොරටුව වන ජෙරුසලම දක්වා එම විනාශය ළං වී ඇත.”


අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”


එකල ආහාස් අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් වෙත දූතයන් යවා, “මම ඔබේ මෙහෙකරුවා ය; ඔබේ පුත්‍රයා ය. ඔබ අවුත් මට විරුද්ධ ව නැඟිට සිටින සිරියාවේ රජුන්ගේ අතිනුත්, ඉශ්රායෙල් රජුන්ගේ අතිනුත් මා ගැළවුව මැනව”යි කියා යැවී ය.


ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.


එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “ඔබ හැමට උදව් කරන්න මට නොහැකි ය. කෑම වත්, ඇඳුම් වත් මට නැත; ඔබේ නායකයා වශයෙන් මා පත් නොකරන්නැ”යි කියනු ඇත.


ඔහොලා මට අයිති ව සිටිය දී වේශ්‍යාකම් කළා ය. ඇගේ පෙම්වතුන් වන අසිරියන්වරුන්ට ඈ ආලය කළා ය.


ඈ සිය පෙම්වතුන් පසුපස ගියත්, ඔවුන් වෙත පැමිණෙන්නේ නැත; ඔවුන් සොය සොයා ගියත්, ඔවුන් හමු වන්නේ නැත. එවිට ඈ මෙසේ කියනු ඇත: ‘මම මාගේ පළමු සැමියා වෙත හැරී යමි. මන්ද, අදට වඩා එදා යහපත් ව තිබිණි.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්