දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.
විලාප ගී 4:20 - Sinhala New Revised Version 2018 “ඔහුගේ ආරක්ෂා සෙවණෙහි ජාතීන් අතර අපට ජීවත් වන්න ලැබේ ය”යි අප කීවා වූ අපේ නාසයේ හුස්ම වැනි වූ සමිඳාණන්ගේ අභිෂේක ලත් තැනැත්තේ ඔවුන්ගේ බොරු වළේ අසුවුණේ ය. Sinhala New Revised Version “ඔහුගේ ආරක්ෂා සෙවණෙහි ජාතීන් අතර අපට ජීවත් වන්න ලැබේ ය”යි අප කීවා වූ අපේ නාසයේ හුස්ම වැනි වූ සමිඳාණන්ගේ අභිෂේක ලත් තැනැත්තේ ඔවුන්ගේ බොරු වළේ අසුවුණේ ය. Sinhala Revised Old Version ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ, ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය. |
දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.
දැන් ඉතින් ඔබේ දාසයා වන මාගේ පියා වෙත මා පැමිණි විට අප සමඟ ළමයා නැත්නම්, ඔහුගේ පණ කෙන්ද ළමයාගේ පණ කෙන්ද සමඟ වෙළී පවතින බව මට පෙනෙන නිසා,
දාවිත් ද, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා නැසීමට භය නැති ව ඔබේ අත එසෙව්වේ කෙසේ දැ”යි ඔහුට කියා,
එම්බා ගිල්බෝවා කඳු හෙල්! තොප පිට පිනි වත්, වැසි වත් නොවැටේ වා! එහි කෙත්වතු පාළු වී යේ වා! මන්ද, බලවතුන්ගේ පලිහ කෙලෙසී ඇත. සාවුල්ගේ පලිහ තෙලින් ආලේප නොකර ඇත.
එහෙත්, සෙනඟ කතා කරමින්, “ඔබ නොයා යුතු ය; මන්ද, අප පලා ගියත් ඔවුන් අප සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත; එහෙත්, ඔබ අපෙන් දසදහසක් දෙනෙකු හා සමාන ය. එබැවින් අපට උපකාර කරන්නට සූදානම් ව ඔබ නගරයේ සිටියොත් මැනවැ”යි කීවෝ ය.
එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි පිළිතුරු දෙමින්, “ෂිමෙයි සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනු ලැබිය යුතු නොවේ දැ”යි ඇසී ය.
ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.
ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.
එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ඔවුන් ලුහුබැඳ ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ශෙදෙකියාට ළං වී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් වෙත ඔහු ගෙන ගියෝ ය. ඔහු ද ඔහු ගැන තීන්දුව දුන්නේ ය.
එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ශෙදෙකියා රජු ලුහුබැඳ ගොස් ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු අල්ලාගත්තේ ය. එවිට ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියෝ ය.
එකල ඔව්හු රජු අල්ලාගෙන හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියෝ ය. ඔහු ද ශෙදෙකියා රජු පිළිබඳ නඩු තීන්දුව දුන්නේ ය.
ඇගේ දොරටු පොළොවට කිඳා බැස ඇත. එතුමාණෝ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූ සේක. ඇගේ රජ ද අධිපතීහු ද ජාතීන් අතරේ සිටිති. ව්‍යවස්ථාවක් දැන් නැත. එසේ ය, ඇගේ දිවැසිවරු සමිඳුන්ගෙන් දර්ශනයක් තවත් නොලබති.
මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට ඔහු ගෙන යන්නෙමි. එහෙත්, ඔහු එය නොදකින්නේ ය. ඔහු එහි දී මැරෙනු ඇත.
මන්ද, ඔහු ගිවිසුම කඩ කර දිවුරුම සුළු කෙළේ ය. ඔහු අත හිත දී තිබුණ නමුත්, මේ සියල්ල කෙළේ ය. ඔහු නොගැළවෙන්නේ ය.’ ”
ඒ ගස සමඟ එහි සෙවණ යට ජීවත් වූ සියලු ජාතීන් ද කඩුවෙන් මැරුම් කෑ අය ද පාතාලයේ දී එක්වනු ඇත.
නුඹලා රජ කෙනෙකු ද අධිපතීන් ද ඉල්ලුවහු ය. නුඹලා ගළවාගන්න නුඹලාගේ රජ දැන් කොහේ ද? නුඹලා ආරක්ෂා කරන්න අධිපතීහු කොහේ ද?
කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.
මෙන්න, මම මෙහි සිටිමි. මා යම් වරදක් කර තිබේ නම්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ද උන් වහන්සේ තෝරාගත් රජ්ජුරුවන් ඉදිරියෙහි ද දැන් මට විරුද්ධ ව පැමිණිලි කරන්න. මම කවරෙකුගේ හරකා ගතිම් ද? කවරෙකුගේ කොටළුවා ගතිම් ද? කවරෙකුට අයුත්තක් කෙළෙම් ද? කවරෙකුට පීඩා කෙළෙම් ද? කවරෙකුගෙන් අල්ලසක් ගතිම් ද? මේවා ගැන මම වරදකාරයෙක් නම්, මා ගත් දේ ආපසු දෙන්නෙමි.”
සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔබ හැම මා අත වරදක් නැති බවට සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේ තෝරාගත් රජතුමා ද ඉදිරියෙහි අද දවසේ සාක්ෂිකාරයන් ව සිටින්නහු ය”යි කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ ය”යි කී හ.
ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, “සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය.
සමිඳාණන් වහන්සේ අද ගුහාවේ දී ඔබ මා අතට පාවා දුන් බව ඔබේ ඇස්වලින් ම මේ දවසේ දී පෙනෙනු ඇත. සමහරු ඔබ මරන්නට කියා මට කී හ. එහෙත්, මම ඔබට කරුණා කෙළෙමි. මන්ද, ‘මාගේ ස්වාමියා සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධ ව මාගේ අත ඔසවන්නේ නැතැ’යි මම කීමි.
ඔහු සිය සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධ ව අත් ඔසවා අනතුරක් කිරීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක්වා; මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා ය”යි කීවේ ය.
ඔබේ යුතුකම ඔබ නොකෙළෙහි ය. ඔබ හැම දෙන සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන ඔබ හැමගේ ස්වාමියා රැක බලා නොගත් නිසා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි, ඔබ හැම මරණයට සුදුස්සෝ ය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත්, වතුර භාජනයත් දැන් කොහේ ද කියා බලන්න.”
දාවිත් පිළිතුරු දෙමින්, “ඔහු නොනසන්න; සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව සිය අත ඔසවා නිදොස් ව සිටින්නට හැකි කාට දැ”යි අබිෂයිට කීවේ ය.