Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 12:5 - Sinhala New Revised Version 2018

5 සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔබ හැම මා අත වරදක් නැති බවට සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේ තෝරාගත් රජතුමා ද ඉදිරියෙහි අද දවසේ සාක්ෂිකාරයන් ව සිටින්නහු ය”යි කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔබ හැම මා අත වරදක් නැති බවට සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේ තෝරාගත් රජතුමා ද ඉදිරියෙහි අද දවසේ සාක්ෂිකාරයන් ව සිටින්නහු ය”යි කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔහුද: නුඹලාට මා අත වරදක් සම්බනූණු බවට ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේද අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂිකාරයෝ ව සිටිතියි ඔවුන්ට කීවේය. ඔව්හුද: උන්වහන්සේ සාක්ෂියයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 12:5
14 හුවමාරු යොමු  

නැතහොත්, මා මන්ත්‍රණ සභාව ඉදිරියේ කුමන අපරාධයක් කෙළේ දැ යි මෙහි සිටින මොවුහු කියත් වා. ඔවුන් ඉදිරියේ මා කියා ඇත්තේ එක ම එක දෙයයි. එනම්, ‘මළවුන්ගේ උත්ථාන වීම මා අදහන නිසා අද ඔබ විසින් විනිශ්චය කරනු ලබමි’ ”යි යනු යි.


එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයන්ගෙන් සමහරෙක් නැඟිට තරයේ විරෝධය පාමින්: “මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැ”යි කී හ.


අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි.


මන්ද, මට විරුද්ධ ව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසා ම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ සමිඳාණන් වහන්සේ ය.


ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.


“සත්‍යය කියන්නේ කුමක් දැ”යි පිලාත් උන් වහන්සේගෙන් ඇසී ය. පිලාත් මෙසේ කියා යළිත් පිටත සිටි ජුදෙව්වරුන් වෙතට ගොස්, “මොහු අත කිසි වරදක් මට නොපෙනේ.


ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.


තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත.


දාවිත් පිළිතුරු දෙමින්, “ඔහු නොනසන්න; සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව සිය අත ඔසවා නිදොස් ව සිටින්නට හැකි කාට දැ”යි අබිෂයිට කීවේ ය.


සෙනඟ පිළිතුරු දෙමින්, “ඔබ අපට අයුක්තියක් කෙළේ වත්, පීඩා කෙළේ වත්, කිසිවෙකුගේ අතින් කිසිවක් ගත්තේ වත් නැතැ”යි කීවෝ ය.


නැවත ඔහු කතා කොට, “ඔබ මාගේ දූවරුන්ට වෙනස්කම් කළොත්, ඔබ මාගේ දූවරුන්ට අමතර ව වෙන භාර්යාවන් පාවාගතහොත්, කිසිවෙකු අප සමඟ නොසිටියත් දෙවියන් වහන්සේ ඔබත් මාත් අතර සාක්ෂිකාරයාණන් බව සිහි කරන්න.


මා වෙනුවෙන් සාක්ෂිකරුවෙක් සගලොව ඇත. මට පක්ෂ ව කතා කරන කෙනෙක් උසස් ස්ථානයෙහි වසයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්