මාගේ සතුරෝ මට විරුද්ධ ව නින්දා කොට මට කම්මුල් පහර දුන්හ. ඔව්හු මට එරෙහි ව රැස් වී සිටියහ.
විලාප ගී 3:30 - Sinhala New Revised Version 2018 ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවා වේ! නින්දාවෙන් පිරුණා වේ! Sinhala New Revised Version ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවා වේ! නින්දාවෙන් පිරුණා වේ! Sinhala Revised Old Version ඔහු තමාට පහරදෙන අයට කම්මුල පෑවාවේ; නින්දාවෙන් පූර්ණවුණාවේ. |
මාගේ සතුරෝ මට විරුද්ධ ව නින්දා කොට මට කම්මුල් පහර දුන්හ. ඔව්හු මට එරෙහි ව රැස් වී සිටියහ.
සමිඳුනි, අපට කරුණා කළ මැනව; අපට කරුණා කළ මැනව. මන්ද, අපි අධික ලෙස නින්දාවට ලක් වී සිටියෙමු.
නින්දාව නිසා මාගේ සිත බිඳී ගොස් මම ශෝකයෙන් පිරී සිටිමි. සනසන්නෙකු සෙවුවෙමි; එවැන්නෙක් නො වී ය. අස්වසන්නෙකු සෙවුවෙමි; කිසිවෙක් සම්බ නො වී ය.
ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.
මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.
හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති.
එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී,
එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.
ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න.
යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය.