ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 9:52 - Sinhala New Revised Version 2018

අබිමෙලෙක් කොටුව ළඟට අවුත්, ඊට විරුද්ධ ව සටන් කොට කොටුවේ දොර පුළුස්සා දමන පිණිස එය ළඟට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අබිමෙලෙක් කොටුව ළඟට අවුත්, ඊට විරුද්ධ ව සටන් කොට කොටුවේ දොර පුළුස්සා දමන පිණිස එය ළඟට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අබිමෙලෙක් කොටුව ළඟට ඇවිත් ඊට විරුද්ධව සටන්කොට කොටු දොර පුලුස්සා දමන්ට ඒ ළඟට ගියෝය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 9:52
5 හුවමාරු යොමු  

ඔබ හිස උදුම්වාගෙන ඒදොම්වරුන්ට පහර දුන් බව සැබෑ ය. ඔබේ සිත ද උඩඟු වී තිබේ. ඒ ගෞරවය ඔබට සෑහේ. දැන් ඉතින් ගෙදර නවතින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජු වන අමශියාට කියා යැවී ය.


එකල මෙනහෙම් තිප්සාටත්, එහි සිටි සියල්ලන්ටත්, තිර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේ ය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහර දී එහි සිටි සියලු ගර්භණීන් දෙපළු කරදැමී ය.


ඒ නුවර තුළ ශක්තිමත් බලකොටුවක් තිබුණේ ය. ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා ද නුවර වැසි සියල්ලෝ ද එයට පලා ගොස් දොර වසාගෙන, කොටුවේ පියස්ස මුදුනට නැඟී සිටියෝ ය.


එවිට එක්තරා ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ හිස පිටට ඇඹරුම් ගලක් හෙළා ඔහුගේ හිස් කබල පොඩි කළා ය.