එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.
විනිශ්චයකාරයෝ 9:49 - Sinhala New Revised Version 2018 එවිට සියලු දෙනා එකිනෙකා අත්තක් බැගින් කපාගෙන, අබිමෙලෙක් පසුපස්සේ ගොස්, ඒවා කොත ළඟ තබා, මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනි ලෑවෝ ය. මෙසේ ෂෙකෙම් කොටුවේ සිටි දහසක් පමණ ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා මියගියහ. Sinhala New Revised Version එවිට සියලු දෙනා එකිනෙකා අත්තක් බැගින් කපාගෙන, අබිමෙලෙක් පසුපස්සේ ගොස්, ඒවා කොත ළඟ තබා, මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනි ලෑවෝ ය. මෙසේ ෂෙකෙම් කොටුවේ සිටි දහසක් පමණ ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා මියගියහ. Sinhala Revised Old Version එවිට මුළු සෙනඟත් එකිනෙකා අත්තක් බැගින් කපාගෙන අබිමෙලෙක් පස්සේ ගොස් ඒවා කොත ළඟ තබා මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනිලෑවෝය. මෙසේ ෂෙකෙම් කොටුවේ සියල්ලන්වූ ස්ත්‍රීන් හා පුරුෂයන් දහසක් පමණ මළෝය. |
එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.
මන්ද, ඊර්ෂ්‍යාවත් උන්නතිකාමයත් කොතැන ද එතැන අවුල්වියවුල් ද සියලු නපුරු ක්‍රියා ද ඇත්තේ ය.
කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.
එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”
අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද ශල්මොන් කන්දට නැඟී ගියෝ ය. අබිමෙලෙක් සිය අතින් පොරොවක් ගෙන, ගසකින් අත්තක් කපා, එය ඔසවා ඔහුගේ කරපිට තබාගෙන, තමා සමඟ සිටි සෙනඟට කතා කොට, “මා කරනවා ඔබ දුටු දේ ම ඔබත් ඉක්මනින් කරන්නැ”යි කීවේ ය.