විනිශ්චයකාරයෝ 7:19 - Sinhala New Revised Version 2018 මෙසේ මධ්‍යම රාත්‍රියේ, මුර මාරු කළ මුල් අවස්ථාවේ දී ම ගිඩියොන් ද ඔහු සමඟ සිටි මිනිස්සු සියදෙනා ද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ, තමන්ගේ අත්වල තිබූ කළගෙඩි බින්දෝ ය. Sinhala New Revised Version මෙසේ මධ්‍යම රාත්‍රියේ, මුර මාරු කළ මුල් අවස්ථාවේ දී ම ගිඩියොන් ද ඔහු සමඟ සිටි මිනිස්සු සියදෙනා ද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ, තමන්ගේ අත්වල තිබූ කළගෙඩි බින්දෝ ය. Sinhala Revised Old Version මෙසේ මධ්‍යම යාමයේ මුලදී මුර මාරු කළ හැටියේම ගිඩියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් සියයද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ තමුන්ගේ අත්වල තුබූ කළගෙඩි බින්දෝය. |
එවිට උදය යාමයෙහි, සමිඳාණන් වහන්සේ ගිනි හා වලා ටැඹින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත් කරවූ සේක.
මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය.
“මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.”
ඔහු ඒ මිනිසුන් තුන්සියදෙනා කණ්ඩායම් තුනකට බෙදා ඔවුන් සියල්ලන් අතට හොරණෑ ද ඇතුළේ පන්දම් ඇති හිස් කළගෙඩි ද දී,
මාත්, මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට, ඔබත් මුළු කඳවුර වට කරමින් හොරණෑ පිඹිමින්, ‘සමිඳාණන් වහන්සේ සහ ගිඩියොන් උදෙසා ය’ කියා මොරගසන්නැ”යි කීවේ ය.
කණ්ඩායම් තුන ම හොරණෑ පිඹ, කළගෙඩි බිඳ දමා, වමතින් පන්දම් ද පිඹින පිණිස දකුණතින් හොරණෑ ද රැගෙන, “සමිඳාණන් වහන්සේගේ ද ගිඩියොන්ගේ ද කඩුව යැ”යි මොරගැසුවෝ ය.