එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස, ලෝක මිම්ම අනුව මෝඩ යයි සම්මත දේ, දෙවියන් වහන්සේ තෝරාගත් සේක. එමෙන් ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව දුබල යයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත් සේක.
විනිශ්චයකාරයෝ 7:13 - Sinhala New Revised Version 2018 ගිඩියොන් එතැනට පැමිණි විට එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තමා දුටු සිහිනයක් ගැන කියමින්, “මම සිහිනයක් දිටිමි. යව රොටියක් මිදියන්වරුන්ගේ කඳවුරට පෙරළීගෙන අවුත් කූඩාරම දක්වා පැමිණ, එයට හැපී, එය ඊට පහර දී, එය පෙරළා දමා තිබෙනු දිටිමි”යි කීවේ ය. Sinhala New Revised Version ගිඩියොන් එතැනට පැමිණි විට එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තමා දුටු සිහිනයක් ගැන කියමින්, “මම සිහිනයක් දිටිමි. යව රොටියක් මිදියන්වරුන්ගේ කඳවුරට පෙරළීගෙන අවුත් කූඩාරම දක්වා පැමිණ, එයට හැපී, එය ඊට පහර දී, එය පෙරළා දමා තිබෙනු දිටිමි”යි කීවේ ය. Sinhala Revised Old Version ගිඩියොන් ආ විට, බලව, මනුෂ්‍යයෙක් තවත් කෙනෙකුට ස්වප්නයක් කියමින්: මම ස්වප්නයක් දුටිමි, යව රොටියක් මිදියන් කඳවුරට පෙරළීගෙන ඇවිත් කූඩාරම දක්වා පැමිණ ඊට හැපී ඒක වැටෙන්ට පහරදී ඒක පෙරළා දමා තිබෙනු දුටිමියි කීවේය. |
එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස, ලෝක මිම්ම අනුව මෝඩ යයි සම්මත දේ, දෙවියන් වහන්සේ තෝරාගත් සේක. එමෙන් ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව දුබල යයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත් සේක.
එහෙත්, ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට එවා වදාළ සේක. ඔහු වූ කලී බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ඒහුද් ය. ඔහු වමත හුරු මිනිසෙක් විය. ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට ඒහුද් අත කප්පම් යැවූ හ.
ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.
සිසෙරා බොහෝ තෙහෙට්ටු වී සිටි බැවින් තද නින්දට වැටී සිටියේ ය. එවිට හෙබෙර්ගේ බිරිඳ වූ ජායෙල් කූඩාරමේ ඇණය හා අතකොලුවක් රැගෙන නිශ්ශබ්ද ව ඔහු ළඟට ගොස් ඔහුගේ නළල් කෙළවරට ඒ ඇණය පොළොවට යන තෙක් ගසා හිස පසාරු කළා ය. මෙසේ ඔහු මළේ ය.
ඈ පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේ වී නමුත්, ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ස්ත්‍රියකගේ අතට සිසෙරා පාවා දෙනු ඇතැ”යි කීවා ය. එවිට දෙබොරා තොමෝ බාරාක් සමඟ කෙදෙෂ්ට ගියා ය.
ගිඩියොන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ, ස්වාමීනි, මා ඉශ්රායෙල්වරුන් ගළවාගන්නේ කෙසේ ද? බලන්න, මාගේ පවුල මනස්සේ ගෝත්‍රයෙහි ඇති ඉතා දුබල පවුල ය; මම ද ඒ පවුලේ ඉතා ම සුළු තැනැත්තා වෙමි”යි කීවේ ය.
මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග සියලු වැසියෝ ද පළඟැටි සමූහයක් මෙන් විශාල ගණනක් මිටියාවතේ පැතිර සිටියෝ ය. ඔවුන්ගේ ඔටුවෝ ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල ගණනක් වූ හ.
අනෙක් තැනැත්තා පිළිතුරු දෙමින්, “මෙය ඉශ්රායෙල් වැසියෙකු වන ජෝවාෂ්ගේ පුත් ගිඩියොන්ගේ කඩුව මිස අනෙකක් නොවේ. ඔහු අතට දෙවියන් වහන්සේ මිදියන්වරුන් ද සියලු සේනාව ද පාවා දී තිබේ යැ”යි කීවේ ය.
ශෙබා ද ශල්මුන්නා ද පසළොස්දහසක් දෙනාගෙන් සමන්විත වූ ඔවුන්ගේ සේනාව සමඟ කර්කොර්හි සිටියෝ ය. පූර්ව දිශාවේ වැසියන්ගෙන් ඉතිරි වූයේ මේ අය පමණකි. මන්ද, යුද්ධයේ දී එකසිය විසිදහසක් දෙනා නැසුණෝ ය.