Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 7:13 - Sinhala Revised Old Version

13 ගිඩියොන් ආ විට, බලව, මනුෂ්‍යයෙක් තවත් කෙනෙකුට ස්වප්නයක් කියමින්: මම ස්වප්නයක් දුටිමි, යව රොටියක් මිදියන් කඳවුරට පෙරළීගෙන ඇවිත් කූඩාරම දක්වා පැමිණ ඊට හැපී ඒක වැටෙන්ට පහරදී ඒක පෙරළා දමා තිබෙනු දුටිමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ගිඩියොන් එතැනට පැමිණි විට එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තමා දුටු සිහිනයක් ගැන කියමින්, “මම සිහිනයක් දිටිමි. යව රොටියක් මිදියන්වරුන්ගේ කඳවුරට පෙරළීගෙන අවුත් කූඩාරම දක්වා පැමිණ, එයට හැපී, එය ඊට පහර දී, එය පෙරළා දමා තිබෙනු දිටිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ගිඩියොන් එතැනට පැමිණි විට එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තමා දුටු සිහිනයක් ගැන කියමින්, “මම සිහිනයක් දිටිමි. යව රොටියක් මිදියන්වරුන්ගේ කඳවුරට පෙරළීගෙන අවුත් කූඩාරම දක්වා පැමිණ, එයට හැපී, එය ඊට පහර දී, එය පෙරළා දමා තිබෙනු දිටිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 7:13
10 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක;


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.


ඔහුට පසුව පැමිණියේ අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ය. හෙතෙම පිලිස්තිවරුන්ගෙන් මනුෂ්‍යයන් හසියයක් හරක් අංකුසයකින් මැරීය. ඔහුද ඉශ්‍රායෙල් ගැළවුවේය.


එවිට හෙබෙර්ගේ භාර්යාවවූ යායෙල් කූඩාරම් ඇණයක් හැරගෙන මිටියකුත් අතේ ඇතුව හීන්සැරේ ඔහු ළඟට ගොස්, නිදාගන තෙහෙට්ටුවී සිටියාවූ ඔහුගේ නළල් කෙළවරට ඇණය පොළොවට යනතෙක් ගසා එය සිදුරුකළාය; මෙසේ ඔහු විසංඥව මළේය.


ඈද: සැබවින් මම නුඹ සමඟ යන්නෙමි. එසේවී නුමුත් නුඹ යන ගමන නුඹේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්‍රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී බාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය.


ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය.


මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ සියලු වැසියෝද ගණනින් පළඟැටියන් මෙන් මිටියාවතේ පැතිර සිටියෝය; ඔවුන්ගේ ඔටුවෝද ගණනාවක් නැතුව මුහුදු වෙරෙළ් වැලිමෙන් බොහෝව සිටියෝය.


අනික් තැනැත්තා උත්තරදෙමින්: මේක ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්වූ, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන්ගේ කඩුව මිස වෙන දෙයක් නොවේ. ඔහු අතට දෙවියන්වහන්සේ මිදියන්වරුන්ද මුළු සේනාවද පාවා දී තිබේයයි කීවේය.


සෙබාද ශල්මුන්නාද ඔවුන් සමඟ පූර්ව දිශාවේ වැසියෝ වූ මුළු සේනාවෙන් ඉතුරුවුණ සියල්ලෝ එනම් පහළොස් දහසක් පමණවූ ඔවුන්ගේ සේනාවද කර්කොර්හි සිටියෝය. මක්නිසාද කඩුගන්න මනුෂ්‍යයන් එකසිය විසිදහසක් නැසුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්