විනිශ්චයකාරයෝ 6:19 - Sinhala New Revised Version 2018 ගිඩියොන් ඇතුළට ගොස්, එළු පැටවෙකු ද කිලෝග්‍රෑම් දහයක් පමණ පිටිවලින් මුහුන් නොදැමූ පූප ද සූදානම් කොට, පෙට්ටියක මස් දමා, භාජනයක සොදි වත්කොට, ආලෝන ගස යටට ගෙන උන් වහන්සේට ඔප්පු කෙළේ ය. Sinhala New Revised Version ගිඩියොන් ඇතුළට ගොස්, එළු පැටවෙකු ද කිලෝග්‍රෑම් දහයක් පමණ පිටිවලින් මුහුන් නොදැමූ රොටි ද සූදානම් කොට, පෙට්ටියක මස් දමා, භාජනයක සොදි වත්කොට, ආලෝන ගස යටට ගෙන උන් වහන්සේට ඔප්පු කෙළේ ය. Sinhala Revised Old Version ගිඩියොන් ඇතුළට ගොස් එළුපැටියෙක්ද ඒඵාවක පිටිවලින් මුහුන් නොදැමූ රොටිද සූදානම්කොට, මස් පෙට්ටියක තබා, සොදි භාජනයක වත්කොට, අලෝන ගස යටට ගෙනවුත් උන්වහන්සේට ඔප්පුකෙළේය. |
මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, “ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.
“නුඹ ඇනූ පිටි, උදුනේ පුළුස්සා ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනෙන්නෙහි නම්, එය සිහින් පිටි කලවම් කළ, තෙල් මිශ්‍ර නුමුහුන් පූප හෝ තෙල් ගෑ නුමුහුන් තුනී පූප හෝ විය යුතු ය.
උන් වහන්සේ තවත් උපමාවක් වදාරමින්, “ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් සහමුලින් ම පිපෙන තුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යය සමාන ය”යි කී සේක.
ගිනි ජාලාව පූජාසනයෙන් අහස දෙස නඟින අතර, සමිඳාණන් වහන්සේගේ දූතයා ගිනි ජාලාවෙහි නැඟී ගියේ ය. මානෝවා ද ඔහුගේ භාර්යාව ද බලාගෙන සිටියෝ ය. එවිට ඔව්හු මුණින්තළා වැටුණෝ ය.
ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතැනින් නොගිය මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, “නුඹ පෙරළා එන තුරු මම නැවතී සිටින්නෙමි”යි වදාළ සේක.
දෙවියන් වහන්සේගේ දූතයා, “මස් සහ මුහුන් නොදැමූ පූප ගෙන මේ ගල පිට තබා සොදි වත් කරන්නැ”යි ඔහුට කී ය. ඔහු එසේ කෙළේ ය.