තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය.
විනිශ්චයකාරයෝ 5:28 - Sinhala New Revised Version 2018 සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය. Sinhala New Revised Version සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුsනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය. Sinhala Revised Old Version සිසෙරාගේ මවු කවුළු තුළින් බලා, ගරාදි අතරෙන් මොරගසා: ඔහුගේ රථය මෙතෙක් කල් පමාවන්නේ මක්නිසාද? ඔහුගේ රථරෝද මක්නිසා සුනංගුවන්නේදැයි කීවාය. |
තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය.
මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;
මා පෙම්වත, ඉක්මන් කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත් මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් යුහුසුලු ව එන්න.
එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි.
එවිට සමිඳාණන් වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථ ද ඔහුගේ මුළු සේනාව ද බාරාක් ඉදිරියෙහි කඩුව ලෙලවා, ඔවුන් කලඹා විසුරුවාදැමූ සේක. සිසෙරා තමන්ගේ රථයෙන් බැස පයින් පලා ගියේ ය.
ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය, දිගා වුණේ ය. ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය. කිඳා වැටුණු තැන ම ඔහු නැසුණේ ය.