ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 3:24 - Sinhala New Revised Version 2018

ඔහු පිටත් ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ අවුත් බැලූ හ. ඔව්හු උඩුමහලේ දොරවල් අගුලු දමා තිබෙනවා දැක, රජ තෙම, ‘උඩුමහල් තලයේ රහස් කාමරයේ ශරීරකෘත්‍යය කරනු ඇතැ’යි සිතූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු පිටත් ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ අවුත් බැලූ හ. ඔව්හු උඩුමහලේ දොරවල් අගුලු දමා තිබෙනවා දැක, රජ තෙම, ‘උඩුමහල් තලයේ රහස් කාමරයේ ශරීරකෘත්‍යය කරනු ඇතැ’යි සිතූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු පිටත්ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ ඇවිත් බැලූහ; තවද ඔව්හු උඩුමහලේ දොරවල් අගුල්දමා තිබෙනවා දැක: සැබවින් රජු සිසිල් උඩුමහල්තලයෙහි තමාගේ පාද වසාගන ඉන්නවා වෙන්ට ඕනෑයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 3:24
4 හුවමාරු යොමු  

ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය.


ඒහුද් පිටත ශාලාවට ගොස්, උඩුමහලේ දොරවල් වසා තබා, අගුලු දමා ගියේ ය.


ඔව්හු තුෂ්ණිම්භූත ව බලා සිටියෝ ය. ඔහු උඩුමහලෙහි දොරවල් නොහැරිය බැවින්, ඔව්හු යතුර ගෙන ඒවා ඇරිය කල, ඔවුන්ගේ ස්වාමියා බිම වැටී, මැරී සිටිනු දුටුවෝ ය.


සාවුල් මාර්ගයෙහි තිබුණ බැටළු ගාලකට පැමිණ ශරීරකෘත්‍යය සඳහා එහි තිබුණු ගුහාවකට ඇතුළු විය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ගුහාවේ අහු මුලු වල සිටියෝ ය.